26 C
Colombo
Monday, April 29, 2024

කෝටි 15ක විස පාන්පිටි තොගයක් වටලයි

- Advertisement -

මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් කෝටි 15ක් පමණ වටිනා පාන්පිටි ඇතුළු පාරිභෝගික භාණ්ඩ තොගයක් ගනේවල්පොළ ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබියදී සොයාගත් බව කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

මෙම භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබු බවයි වාර්තා වෙන්නේ.

එහි කිලෝ 25 සහ 50 පාන් පිටි ඇසුරුම් 10,000කට අධික ප්‍රමාණයක් තිබී සොයාගත් බව වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම,  මිනිස් පරිභෝජනයට නුසුදුසු පරිප්පු තොගයක්ද එහි තිබී සොයාගෙන තිබෙනවා.

කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් මත සිදුකළ ක්ෂණික වැටලීමකදී මෙම භාණ්ඩ තොගය සොයා ගෙන තිබුණා.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ පාන් පිටි තොගයට  මෙම ස්ථානයේදී විෂ ද්‍රව්‍ය යොදා එහි සිටි ගුල්ලන් මර්දනය කර යළි සකසා කල් ඉකුත්වීමේ දින වෙනස් කර  අලුතින් මුද්‍රණය කර  නව ඇසුරුම්වල නැවත අසුරා යළි බෙදා හැරීමට සූදානම් කර ඇති බවයි.

මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම ගබඩාව පවත්වාගෙන ගොස් ඇති අතර ඔහුට සහ එහි සිටි තවත් පුද්ගලයෙකුට එරෙහිව නඩු පැවරිමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...