32 C
Colombo
Monday, April 29, 2024

15 හැවිරිදි දැරියක් අපයෝජනය කළ තරුණයෙක් අත්අඩංගුවට

- Advertisement -

වයස අවුරුදු 15ක දැරියක් දූෂණය කළ සිද්ධියක් සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයකු මාරවිල පොලීසිය විසින් අත්අඩංගුවට තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පින්තාරුකරුවෙකු ලෙස රැකියාව කළ  ලුණුවිල, දෙමටපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.  

පොලීසිය පවසන්නේ සිද්ධියට සම්බන්ධ දැරියගේ මව සහ පියා නොමැති අතර ඇය සිය මිත්තණිය සමඟ ජීවත්ව  ඇති බවයි.

තම භාරයේ සිටි මිණිබිරිය අතුරුදහන් වී ඇති බවත් ඇය ලුණුවිල ප්‍රදේශයේ නිවසක සිටින බවත් පවසා වයස අවුරුදු 71ක අදාළ මිත්තණිය පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ අනුව කරන ලද සොයා බැලීමකින් අනතුරුව දැරිය පොලීසිය භාරයට ගෙන, සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.

අදාළ දැරිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ සැකකරු තමන් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන ගිය අතර මීට මාස 06කට පමණ පෙර දිනයක දී ඔහු පදිංචි කටුනේරිය නිවසේ දී තමා සමඟ ලිංගික ඇසුරක් පැවැත්වූ බවයි.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකරු මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...