රජය සතු ආයතන 19ක් මේ අවුරුද්දේ මුල් මාස 4 ඇතුළත රුපියල් බිලියන 82.78ක පාඩුවක් ලබා ඇති බව මුදල් අමාත්‍යාංශ වාර්තාවක් අනාවරණය කරනවා.
මුදල් අමාත්‍යාංශ වාර්තාවට අනුව අදාළ ආයතන අතර වැඩිම අලාභය සිදුව ඇත්තේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි.
එය රුපියල් බිලියන 45.3ක අලාභයක්.
එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් සේවය ලබා ඇති අලාභය රුපියල් බිලියන 24.8 ක්.
එමෙන්ම එම වාර්තාවේ දැක්වෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය ද මෙන්ම තවත් රාජ්‍ය ආයතන 14ක් පාඩු ලබා ඇති බවයි.
අදාළ වාර්තාව පහතින්,