31 C
Colombo
Tuesday, April 30, 2024

අවුරුදු නිවාඩුවට මැති ඇමතිලා 20ක් පිටරට ගිහින්

- Advertisement -

මේ දිනවවල මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මින් බොහෝ පිරිසක් අවුරුදු නිවාඩුව ගත කිරීම සඳහා විදේශගතව ඇති බවයි වාර්තා වෙන්නේ.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මෙසේ විදේශගතව සිටින මැති ඇමතිවරුන්ගෙන් කිහිප දෙනෙක්.

ඇතැම් මන්ත්‍රීවරුන් විදේශයන්හි අධ්‍යාපනය ලබන සිය දූ දරුවන් දැක බලා ගැනීම මෙසේ ගොස් සිටින බවද වාර්තා වෙනවා.

පාර්ලිමේන්තුව ඉකුත් 3 වැනිදා අවසන් වරට රැස්වීමෙන් පසු ලබන 24 වැනිදා දක්වා කල්තැබුණු අතර  මේ අනුව සති තුනකට ආසන්න කාලයක් මන්ත්‍රීවරුන්ට නිවාඩු ලැබී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රතුපස්වල තීන්දුව අද

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ...

පාඨලී CID යට

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළුවෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමක දී...

අරක්කු සමාගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්

කඩුවෙල - රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා ඊයේ (29)...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...