26 C
Colombo
Friday, December 8, 2023

R.M.V එකේ හොර වැඩ නිසා කෝටි 30ක පාඩුවක්

- Advertisement -

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කිරීමේදී සිදුවී ඇතැයි පැවසෙන විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි තිහකට වැඩි බදු  ආදායමක් අහිමිවී ගොස් ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නව වාර්තාවක සඳහන් වෙනවා.

නීත්‍යානුකූල නොවන ආකාරයට මෙරටට ආනයනය කරන ලද හෝ මෙරට එකලස් කරන ලද වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වංචනික ලෙස ලියාපදිංචි කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා රේගුවට අය කර ගත හැකිව තිබූ රුපියල් කෝටි 12කට වැඩි වටිනා ආදායම අවභාවිත කර ඇති බව එම වාර්තාව මඟින් පෙන්වා දෙනවා.

මේ අතර මෝටර් රථ එකලස් කරන මුවාවෙන්  නීති විරෝධීව ආනයනය කෙරුණු වාහන 27 ක් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් පිළිබඳවද තොරතුරු  අනාවරණය වී ඇති බව  ජාතික විගණන කාර්යාලය පවසනවා.

එම කාර්යාලය සඳහන් කළේ පෙට්‍රල් මෝටර් රථයක් ඩීසල් මෝටර් රථයක් බවට පරිවර්තනය කිරීමේදී මෝටර් රථ ලියාපදිංචි අංකය පද්ධතියෙන් ඉවත් කළයුතු වුවත් අවස්ථා 130කදී එලෙස පරිවර්තිත වාහනවල ලියාපදිංචි අංක දත්ත පද්ධතියෙන් ඉවත් කර නොතිබූ බවයි.

එමෙන්ම, එන්ජින් අංකය සහ චැසි අංක යන දෙකම එකම අංකය ලෙස පරිගණක පද්ධතියට ඇතුළත්  කර වාහන තුනක් අනීතිකව ලියාපදිංචි කර තිබූ බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

තවද ,අදාළ විගණන වාර්තාව අනාවරණය කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ආදායම් බලපත්‍ර නිකුත් කර ඇති ලියාපදිංචි යතුරුපැදි  99 ක චැසි අංක සහ එන්ජින් අංක වෙනස් කර වංචනිකව ආනයනය කරන ලද යතුරු පැදිවල එන්ජින් අංක සහ චැසි අංක ඇතුළත් කර, ඊට අදාළ පැරණි දත්ත දත්ත පද්ධතියෙන් මකා දැමීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම්  නිලධාරීන් කටයුතු කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...