ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා.
වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන් පොලීසිය විසින් පසුගිය අප්‍රේල් 06 වැනිදා කිසිවෙකුට ඇතුළුවීමට නොහැකිවන සේ එම කාර්යාලය ඉබියතුරු දමා තිබුණා.
ඒ අනුව පොලිස් ස්ථානීය විමර්ශන නිලධාරීන් අද පැමිණ මූලස්ථාන ගොඩනැගිල්ලේ පරීක්ෂණයක් ආරම්භ කළා.