27.8 C
Colombo
Friday, April 26, 2024

ඇමති ධූරය ලැබුණු පසු ලෝහාන් රත්වත්තේ ගැන සිද්ධි 4 ක්

- Advertisement -

රුවන්වැලි සෑයේ යකා නැටීම

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගිය වසරේ දෙසැම්බර් 05 වෙනිදා මධ්‍යම රාත්‍රියේ කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසී සිය පවුලේ සාමාජිකයින් සහ ආරක්ෂක නිලධාරින් සමග අධික ලෙස බීමත්ව රුවන්වැලි සෑ පුද බිමට පැමිණ එම පුදබිමෙහි මහත් කළබලයක් ඇතිකළා.

රුවන්වැලිසෑය වන්දනා කිරීමට බැතිමතුන්ට දිනපතා රාත්‍රී 10 වනතෙක් පමණක් අවස්ථාව ලබා දෙන අතර ඉන්පසු එහි කිසිවෙකුටත් ඇතුළුවීමට නොහැකිවන ලෙස පොලිසිය විසින් ප්‍රධාන පිවිසුම් දොරටුවල ඉබි යතුරු යොදා වසා දමා තිබූ අවස්ථාවේ එදින මධ්‍යම රාත්‍රී 12 ට පමණ සිය පවුලේ ඥාතින් සමඟ එහි පැමිණි ලොහාන් රත්වත්තේ මහතාට එහි ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් විසින් අවේලාවේ එම පුජා භූමියට ඇතුළුවීමට අවසර නොදීම නිසා කුපිත වී එම පොලිස් නිලධාරීන්ට ඉතා අශෝභන ලෙස බැන වැදී තිබෙනවා.

“යකෝ මම ඇමති කෙනෙක්. ඇමති කෙනෙක්ට රුවන්වැලිසෑය වඳින්න දෙන්නෙ නැත්නම් කවුද යකෝ වඳින්නෙ. එන්න කියාපියව් තොපේ මහ එකාට” යනුවෙන් පොලිස් නාලධාරීන්ට බැනවැදී බලහත්කාරයෙන් ස්වර්ණමාලි මහ සෑ විහාරස්ථානයේ ආවාස ගෙය දෙසින් පුද බිමට ඇතුළුවීමට උත්සාහ දරා ඇතත් අධික ලෙස බීමත්ව සිටි රාජ්‍ය ඇමතිවරයා වාරු නොමැතිව බිම ඇඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව එහි මුරපොලේ සේවයෙහි නිරත පොලිස් නිලධාරින් මෙම සිදුවීම සම්බන්ධයෙන් උඩමළුව පොලිස් ස්ථානයට වාර්තා කොට ඇති අතර මේ බව පොලිස් නිලධාරින් විසින් පසුදින ස්වර්ණමාලි මහසෑ විහාරාධිකාරී පුජ්‍ය පල්ලෙගම් හේමරතන නාහිමිපාණන් වහන්සේටද දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් අමාත්‍යවරයාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම විශේෂත්වයක්.

මහනුවරදී අහසට වෙඩි

2021 වසරේ ජනවාරි මස දිනෙක අධික ලෙස බීමත්වූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මහනුවර පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදී අහසට වෙඩි තබමින් උමතුවෙන් හැසිරී ඇති බවට එකළ තොරතුරු වාර්තා වුණෘ.

අමාත්‍යවරයාගේ මෙම නොසන්සුන්කාරී හැසිරීම පාලනය කිරීමට ආරක්ෂක නිලධාරීන් දැඩි උත්සහයක නිරත වී ඇති බවට එකල එම හෝටලේ පාලනාධිකාරියද සදහන්කර තිබුණා.

ලොහාන් රත්වත්තේ මහතා බීමත්වූ පසුව ඔහුගේ හැසිරීම ඔහුටම පාලනය කර ගත නොහැකි තත්ත්වයක පසුවන බවට අමාත්‍යවරයාගේ සමීපතමයින් පවසනවා.

2013 වසරේ සැප්තැම්බර් මස 21 වනදා මහනුවර – පාතදුම්බර ඡන්ද කොට්ඨාශයේ කැලෑබොක්ක අභිරාම මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය අසලදීද එකල මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් පැමිණ අහසට වෙඩි තබා පහරදීමක් සිදුකර තිබුණා.

වැලිකඩ බන්ධනාගාර සිදුවීම

2021 වසරේ සැප්තැම්බර් මස 12 වනදා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත බීමතින් පැමිණ ඔහුගේ මිතුරන් හට එල්ලුම් ගහ පෙන්වීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා පලවුණා.

එහි විශේෂත්වය වන්නේ ලොහාන් රත්වත්තේ මහතා මේ වන විට වගකිවයුතු අමාත්‍ය ධූරයක් වන බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාද වීමයි.

අමාත්‍යවරයා සමඟ ඔහුගේ යහළුවන් කිහිප දෙනෙකු සහ විවාහක රූ රැජිණකද පැමිණ ඇති අතර ඔහු අත පිස්තෝලයක්ද තිබූ බව බන්ධනාගාර ආරංචිමාර්ග මාධ්‍ය වෙත පවසා තිබුණා.

ඔහු කෙතරම් බීමත්ව සිටියේද යත් අවස්ථා දෙකකදී ගිනි අවියත් සමඟම ඔහු බිම ඇඳ වැටුණු බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබදව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසා ඇත්තේ මෙවැනි සිදුවීමක් පිළිබදව තමන් කිසිවක් නොදන්නා බවයි.

අනුරාධපුරයේ පිස්තෝල සෙල්ලම

වැලිකඩ බන්ධනාගාර සිදුවීම සිදුවූ 2021 සැප්තැම්බර් මස 12 වන දිනම රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බීමතින් අනුරාධපුර බන්ධනාගාරය වෙතද ගොස් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබෙනවා.

පිස්තෝලයක්ද අතැතිව සිය ඇමති ආරක්ෂකයින් සමඟ අනුරාධපුර බන්ධනාගාරයට ගිය අමාත්‍යවරයා බන්ධනාගාරයේ LTTE සැකකරුවන් රඳවා ඇති වාට්ටුව වෙත ගොස් එහි රඳවා සිටින සැකකරුවන් 08 දෙනා අතුරින් සැකකරුවන් දෙදෙනෙකු පිටතට ගෙන දණගස්වා ඔවුන්ගේ හිසට ගිනිඅවියක් තබා තර්ජනය කර ඇති බව වාර්තා වනවා.

මෙම සිදුවීම තහවුරු කරමින් දෙමළ ජාතික සන්ධානයද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අනුරාධපුර බන්ධනාගාරයේදී සිරකරුවන් මරාදමන බවට රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා තර්ජනය කිරීමේ සිදුවීමට වහාම විමර්ශනයක් සිදුකර ඔහුව රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් නෙරපා දමන ලෙසයි.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිසේනගේ මැයි රැලිය ගම්පහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරන්න ඕන-බන්දුල ගුණවර්ධන

ගොඩ ගැසී ඇති සියලු ම රියදුරු බලපත් එළඹෙන අගෝස්තු මාසය වන විට නිකුත් කර අවසන් කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන...

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...