බන්ධනාගාරගත කරන ලද සිර දඩුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇති සිරකරුවන්ගේ ප්‍රමාණය වැඩිවී ඇති බැවින් ඔවුන්ගේ අභියාචනා කඩිනමින් විභාග කර අවසන් කිරීම සදහා නව අභියාචනාධිකරණ 4 ක් කඩිනමින් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.
එහි දැක්වෙන්නේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සහ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අදාළ තීරණ ගත් බවයි.
එමෙන්ම 1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩණය හා ජීවිතාන්ත සිර දඩුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් සිව්වස් සමාලෝචන වාර්තා අනුව දඩුවම ලිහිල් කිරීමට කටයුතු කිරීමටද මෙහිදී තීරණය වී තිබෙනවා.
තවද 1998 වර්ෂයෙන් පසු මරණීය දණ්ඩණය හා ජීවිතාන්ත සිර දඩුවම් නියම කර බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ගෙන් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හැර අනෙකුත් සිරකරුවන් විශේෂ ජනාධිපති සමාවක් යටතේ මරණීය දණ්ඩණය ලිහිල් කර ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් බවට පත් කිරීමටද තීරණය කෙරුණු බව එම නිවේදනයේ සදහන්.



