28.2 C
Colombo
Saturday, April 27, 2024

හරි පාරෙන් සල්ලි එව්වොත්, වාහන ආනයනයට 50%ක තීරුබදු සහන..!

- Advertisement -

විදේශගත ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට ගෙන්වා ගැනීම දිරිමත් කිරීම සදහා ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනා දෙකක් සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව නීත්‍යානුකූලව මෙරටට එවා ඇති මුදල් ප්‍රමාණය මත පදනම්ව, නව තීරු බදු රහිත දීමනාවක් හදුන්වාදීම එක් යෝජනාවක් වනවා.

විදේශගත ශ්‍රමිකයින් සහ ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලව මෙරටට එවා ඇති මුදල් ප්‍රමාණයෙන් සියයට 50 කට සමාන වටිනාකමකින් විදුලි වාහනයක් ආනයනය කිරීම සදහා බලපත්‍රයක් හදුන්වාදීමේ ක්‍රමවේදයට ද අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර ගුවන් තොටුපලේදී ඇමරිකානු ඩොලර් වලින් ගෙවීමට කැමති සංචාරකයින්ට, සංක්‍රමණික සේවකයින්ට සහ ද්විත්ව පුරවැසියන්ට ඉන්ධන බලපත්‍රයක් ලබා දීමේ යෝජනාවකට බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා එකග වූ බවද විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...