27 C
Colombo
Monday, April 29, 2024

රටවල් 3ක හමුවීම් 50ක් – මෝදිගේ පැසිෆික් සංචාරයේ විශේෂ අවස්ථා

- Advertisement -

ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස්, එරට සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමරිකානු රොක් තරුවක් වන බෲස් ස්ප්‍රින්ග්ස්ටීන්ට සමාන කරමින් ප්‍රශංසා කළා.
මෝදී වසර නවයකට පසු සිඩ්නි වෙත පළමුවරට සංචාරය කළේ තවත් ආසියානු දැවැන්තයෙකු වන චීනය සමඟ සබඳතා පළුදු වී ඇති අවස්ථාවක ඕස්ට්‍රේලියාව ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ වෙළඳපොළ සමඟ ආර්ථික පාලම් ගොඩනැගීමට බලාපොරොත්තු වන පසුබිමකයි.
නගරයේ ඔලිම්පික් උද්‍යානයේ විශාල විනෝදාස්වාද මධ්‍යස්ථානයක් Qudos Bank Arena හි වේදිකාවේ සිටගෙන, ඇල්බනීස් සිය ඉන්දීය සගයා උණුසුම් ලෙස හඳුන්වා දුන්නා. “මම මෙහි වේදිකාවේ සිටින අයෙකු අවසන් වරට දුටුවේ බෲස් ස්ප්‍රින්ග්ස්ටීන් වන අතර, අගමැති මෝදිට ලැබුණු පිළිගැනීම ඔහුට නොලැබුණි,” ඇල්බනීස් පැවසුවා.

“ඔබ ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදයේ ආත්මය ඕස්ට්‍රේලියාවට ගෙන ආවා” ඇල්බනීස් ඔහුගේ “ආදරණීය මිතුරා” ගැන පැවසුවේ ඕස්ට්‍රේලියාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඉන්දීය නායකයා උදව් කර ඇති බවයි.
“අගමැති මෝදි තමයි ලොක්කා! – “Prime Minister Modi is the boss!” ඕස්ට්‍රේලියාවේ ඉන්දියානු ඩයස්පෝරාව විසින් ආධිපත්‍යය දැරූ එම සභාව අත්පොලසන් නාදයෙන් ගිඟුම් දෙද්දී ඔහු වැඩිදුරටත් පැවසුවා.
එක්සත් ජනපදය සහ ජපානය ඇතුළත් සිව්පාර්ශ්වික ආරක්ෂක සංවිධානයේ – Quad හි නායකයින්ගේ සමුළුවක් ලෙස මුලින් සැලසුම් කර තිබුණු, මෝදිගේ ඕස්ට්‍රේලියානු සංචාරය සිදුවන්නේ, ආර්ථික සබඳතා වර්ධනය කර ගැනීමට සහ ඔවුන්ගේ උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට කැන්බරා – නව දිල්ලිය සමඟ ඇති සබඳතාව ශක්තිමත් කිරීමට උත්සාහ කරන පසුබිමකයි.
වඩ වඩාත් ප්‍රබල චීනයේ නැගීම වැලැක්වීමට බටහිර උත්සාහ කරමින් සිටිනවා.
“ක්‍රිකට් භාෂාවෙන් කිවහොත්, අපගේ සබඳතා විස්සයි20 මාදිලියට ඇතුළු වී ඇත,” මෝඩි ඇල්බනීස් සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවා.
“අපගේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් අපගේ බැඳීම්වල පදනමයි. අපගේ සබඳතා අන්‍යෝන්‍ය විශ්වාසය හා ගෞරවය මත පදනම් වේ. ඕස්ට්‍රේලියාවේ සිටින ඉන්දියානු ප්‍රජාව අපේ රටවල් අතර ජීවමාන පාලමක්.” මෝදි සඳහන් කළා.
ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ මෝදි අග්‍රාමාත්‍යවරයා ජාත්‍යන්තර සූපවේදී සාරා ටොඩ් සහ ඕස්ට්‍රේලියානු ගායක ගයි සෙබස්තියන් ඇතුළු “ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු පෞරුෂයන්” කිහිප දෙනෙකු ද මුණගැසුණු බවයි.
මෝදිගේ ට්විටර් ගිණුමට එකතු කරන ලද වීඩියෝ මාලාවක, මෙම පුද්ගලයින් කිහිප දෙනෙකු නායකයාට ප්‍රශංසා කරන අයුරු රූගත කර තිබුණා
“ඔහු ඉතා උණුසුම් හා කාරුණික විය,” සෙබස්තියන් ඔවුන්ගේ සාකච්ඡාව ගැන පැවසුවා.
මොදිට ලැබුණු උණුසුම් පිළිගැනීම සංකේතවත් කරන්නේ විදේශයන්හි වෙසෙන බොහෝ ඉන්දියානුවන් අතර ඔහුගේ දැවැන්ත ප්‍රතිරූපය මෙන්ම ගෝලීය වශයෙන් ප්‍රධාන තීරකයෙක් ලෙස ඔහු ඉස්මතුවීමයි.
යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් බටහිර සම්බාධක නොතකා මොස්කව් වෙතින් බොර තෙල් විශාල ප්‍රමාණයක් මිල දී ගන්නා අතරම, “රාජ්‍ය තාන්ත්‍රික හා සංවාදයේ” අවශ්‍යතාවය නැවත නැවතත් අවධාරණය කරමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී රුසියාව හෙළා දකිමින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඉන්දියාව අවස්ථා කිහිපයකදීම වැළකී සිටියා.
ඉන්දියාව “තමන්ගේම ජාත්‍යන්තර සබඳතා සඳහා වගකිව යුතු” බවට තමා ගරු කරන බව ඇල්බනීස් පැවසූ අතර දකුණු ආසියානු රටේ නොබැඳි ඉතිහාසය පිළිගත්තේය.

“ඉන්දියාව අපේ කලාපයේ සාමය, ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා දැවැන්ත සහකරුවෙකු” යැයි ඔහු පැවසුවා.
මෝදිගේ ඕස්ට්‍රේලියානු සංචාරය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම් සහ සංචාරයන්හි කාර්යබහුල සතියක අවසන් ගමනාන්නතයයි.
රටවල් තුනක් හරහා අවසන් වූ සංචාරය දැඩි ක්‍රියාශීලී එකක් වුණා.
සිය සංචාරය පුරාවටම අගමැතිවරයා ගෝලීය නායකයින් 12 දෙනෙකුට වැඩි පිරිසක් හමු වූ අතර ඔහු සමුළු තුනකට සහභාගී වුණා. වෙනත් හමු වීම් ගණන 50කට වැඩි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
අගමැති මෝදි පසුගිය මැයි 19 සිකුරාදා දිල්ලියේ සිට ජපානය බලා පිටත්ව ගියා.
ජපානයේ දී, G7 සමුළුව අතරතුර මෝදි අග්‍රාමාත්‍යවරයා ලෝක නායකයින් කිහිප දෙනෙකු හමු වූ අතර, ඔවුන් සමඟ විවිධ ගැටළු සාකච්ඡා කළා.
මෙයට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ඇතුළු තවත් අය ඇතුළත් වුණා.
රුසියාවේ ආක්‍රමණය ආරම්භ වීමෙන් පසු සෙලෙන්ස්කි සහ මෝදි මුහුණට මුහුණට හමු වූ පළමු අවස්ථාව මෙයයි.
ජපානයේ හිරෝෂිමා හි පැවති තුන්වැනි QUAD නායක සමුළුවට අගමැති මෝදි ඕස්ට්‍රේලියාවේ අගමැති ඇන්තනි ඇල්බනීස්, ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් සමඟ සහභාගී වුණා.
පැපුවා නිව්ගිනියාවේ අග්‍රාමාත්‍යවරයා අගමැති මෝදි පිළිගැනීමට ගුවන් තොටුපළට පැමිණ ගෞරව දැක්වීමක් ලෙස ඉන්දීය අගමැතිවරයාගේ දෙපා ස්පර්ශ කරන අයුරු පෙර නොවූ විරූ දසුනක් වුණා.
පැසිෆික් දූපත් රටවල එකමුතුකම වෙනුවෙන් සහ ගෝලීය දකුණේ අරමුණ වෙනුවෙන් පෙරමුණ ගැනීම වෙනුවෙන් පැපුවා නිව්ගිනියාව විසින් ‘Companion of the Order of Logohu‘ අග්‍රාමාත්‍ය මෝදි වෙත පිරිනමින් ඉහළම රාජ්‍ය ගෞරවය පුද කළා.
හිටපු එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන් ඇතුළු අනේවාසිකයින් ඉතා සුළු පිරිසක් මෙම සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.
මෝදි අග්‍රාමාත්‍යවරයා, අගමැති ජේම්ස් මාරපේ හමුවූ අවස්ථාවේදී පැසිෆික් දූපත් රාජ්‍යය සඳහා ඔහුගේ සහය අඛණ්ඩව ලබා දෙන බවට ප්‍රතිඥා දුන්නා.

ඉන්දියාව මේ වසරේ G20 සභාපතිත්වය භාරගෙන ඇති අතර, රටේ වැදගත් සිදුවීම් මාලාවකට සත්කාරකත්වය සපයන අතර, ගෝලීය දකුණේ ප්‍රමුඛයෙකු ලෙස ලෝකය ඉදිරියේ පෙනී සිටිනවා.
G7 සහ G20 වැනි බොහෝ කණ්ඩායම් ඉන්දියාව රුසියාවෙන් ඉවතට ඇද ගැනීමට උත්සාහ කරන අතර, නවදිල්ලිය සෑම විටම රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවේ සියුම් රේඛාවක් ඇඳ ගැනීමට සමත් ව සිටිනවා.
චීනය, QUAD කණ්ඩායම නේටෝ සන්ධානයට සමාන කර ඇති අතර විශේෂයෙන්ම ඉන්දු-පැසිෆික් කලාපය සම්බන්ධයෙන් එහි බීජිං විරෝධී අදහස් දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
නමුත් ඉන්දියාව ද චීනය සහ රුසියාව ප්‍රමුඛ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ද (SCO) සාමාජිකයෙක්.
නවදිල්ලිය කිසි විටෙක ආරක්ෂක සන්ධාන සමඟ බැඳී නොමැති බව අගමැති මෝදි අවධාරණය කළා.
“ඒ වෙනුවට, අපි අපගේ ජාතික අවශ්‍යතා මත පදනම්ව ලොව පුරා පුළුල් පරාසයක මිතුරන් සහ සමාන අදහස් ඇති හවුල්කරුවන් සමඟ සම්බන්ධ වෙමු.” මෝදි සිය ස්ථාවරය සෘජුව ප්‍රකාශ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...