26 C
Colombo
Monday, April 29, 2024

500ක අල්ලසක් ගත් සැරයන් වසර 4ක් හිරේ

- Advertisement -

රුපියල් 500 ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කර ඇති බවට පුවතක් වාර්තා වෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම පොලිස් නිලධාරියාට දඬුවම් නියම කර තිබෙනවා.

රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටීමට ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500 ක් අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අදාළ දඬුවම නියම කර තිබුණා.

රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දැනුම්දීමකට අනුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කෙරුණු අතර ඉන් අනතුරුව චෝදනා 4ක් යටතේ අදාළ සැරයන්වරයාට නඩු පවරා තිබෙනවා.

එම චෝදනා හතරටම පොලිස් සැරයන්වරයා වැරදිකරු වීමත් සමඟ ඔහුට වසර හතරක සිරදඬුවමක් නියම කළ  අධිකරණය රුපියල් 20,000 ක දඩ මුදලක්ද ඔහුට නියම කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...