26 C
Colombo
Friday, December 8, 2023

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අද

- Advertisement -

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54වැනි සැසිවාරය අද(11) ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පලෙයි දි නේෂොන් නම් වූ ලෝකයේ විශාලතම රාජ්‍යතාන්ත්‍රික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදී ආරම්භ වන මෙම සැසිවාරය අනිද්දා දක්වා පැවැත්වීමට නියමිත අතර චෙක් ජනරජයේ තානාපති වැක්ලෙව් බැලෙක්, මෙවර එහි ප්‍රධානත්වය දරන බව වාර්තා වෙනවා.

සැසිවාරයේ කටයුතු ආරම්භ කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් විසින් සභාව ඇමතීමට නියමිතයි.

මෙම සැසිවාරය තුළදී ගෝලීය වශයෙන් වැදගත් වන විවිධ මාතෘකා පදනම් කරගනිමින් අන්තර් ක්‍රියාකාරී සංවාද 29 ක් පැවැත්වීමට අපේක්ෂා කරනවා.

ආරංචි මාර්ග පවසන්නේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හිමාලි අරුණාතිලක මහත්මිය මෙම සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන කණ්ඩායමේ ප්‍රධානත්වය දරන බවයි.

මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මානව හිමිකම් පිළිබඳ ඔහුගේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය පසුගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සඳහා වගවීම අඛණ්ඩව සිදු නොවන බවයි.

මෑත කාලීනව මෙරට මානව හිමිකම් උල්ලංඝන වී ඇද්ද යන්න සහ බලය අනිසි ලෙස භාවිත කර ඇද්දැයි සොයා බැලීමට අවදානය යොමු කළ යුතු බව එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය, අව්‍යාජ ප්‍රයත්නයක් දැරිය යුතු බවයි. 

තවද, මෙවර සැසිවාර සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දේශපාලඥයින් සහභාගී නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

වැටුප් වැඩි කරන්න ඔින වැඩ කරන ජනතාවගේ-මහින්ද රාජපක්ෂ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා...

හැටන්-කොළඹ මාර්ගයට පස් කන්දක් කඩාවැටී ගමනා ගමනයට බාධා

දියගල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය මේ වනවිට සම්පූර්ණයෙන් අවහිර වී තිබෙනවා. හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය ජනතාවගෙන්...

ජාතික රෝහලේ රුධිර පරික්ෂණ ඇන සිටීමෙන් රෝගින් දැඩි අපහසුතාවයට

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ රුධිර පරීක්‍ෂ දින තුනක් තිස්සේ නතර වී තිබීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා. වෘත්තිය...

POPULAR ARTICLES

කටුනායක ගුවන් තොටුපොළට ජපාන රජයෙන් වාහන තොගයක්

ජපාන රජය විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කට අධික වටිනාකමකින් යුතු වාහන තොගයක් අද (05) දින උදෑසන ජල හා මුදවා ගැනීම්...

ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ නිවේදනයක් 

විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 50කට රතු බිල් යැවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, විදුලිය පාරිභෝජනය...

දික්කසාදය ගැන විශේෂ අධිකරණ තීන්දුවක්

ශ්‍රී ලංකාවේ දී විවාහ වූ යුවළක් විදෙස් රටක අධිකරණයකින් දික්කසාද වූ විට මෙරටදී එම දික්කසාදය වලංගු බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. ඒ අනුව විදේශයක දී...