පානදුර පාසලක තේ පානය කිරිමෙන් පසු ඇති වු යම් රෝගී තත්ත්වයකින් ගුරුවරියන් හය දෙනෙකු රෝහල් ගත කර ඇති බව පානදුර උතුර පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ, ගුරුවරියන් පිරිස අද (07) විවේක කාලයේ තේ පානය කර ඇති අතර, එයින් යම් ආසාද්මිකතාවක් ඇතිවන්නට ඇති බවට සැක පළ කරන බවයි.
සීනි බෝතලය රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට නියමිත බවද පොලිසිය ප්‍රකාශ කළා.