ත්‍රිකුණාමල කොටුව මුහුදේ මාළු අල්ලමින් තිබූ ධිවර යාත්‍රාවක අල්ලන ලද මාළු තොගයක් ඊයේ (22) පස්වරුවේ තවත් බෝට්ටු තුනකින් පැමිණි පිරිසක් කොල්ල කා පලාගොස් තිබෙනවා.
ත්‍රිකුණාමල වරාය පොලීසිය සඳහන් කළේ ත්‍රිකුණාමලය කෝණේශ්වරන් කොටුව මුහුදේ ගොඩබිම සිට නාවුක සැතපුම් 11ක් ඈතින් මෙම කොල්ලය සිදුව ඇති බවයි.
එම යාත්‍රාවේ අල්ලන ලද රුපියල් 6ක් වටිනා මාළු මෙසේ කොල්ල කා ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්දව කින්නියා ප්‍රදේශයේ පදිංචි ධිවරයන් පිරිසක් වරාය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
පිටත එන්ජින් සවිකරණ යාත්‍රා තුනකින් දහදෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ මෙම කොල්ලකෑම සිදුකර ඇති බවයි පැමිණිල්ල සිදුකළ ධීවරයන් පොලීසිය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල වරාය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.