29 C
Colombo
Thursday, May 2, 2024

වසර 13 කදී අධිවේගයේ අනතුරු 9375ක්

- Advertisement -

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් පසු මේ දක්වා ගත වූ වසර දහතුනක කාලය තුළ අධිවේගී මාර්ගයේ රිය අනතුරු 9375 ක් සිදුවී තිබෙනවා.

එම අනතුරුවලින් මේ දක්වා මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 66ක්.

මේ අතරින් අනතුරු 5282 ක් සිදුවී ඇත්තේ රියැදුරන්ගේ වරදින් බව අනාවරණය කර ගෙන ඇති අතර තවත් අනතුරු 3056 කට වාහනවල සතුන් ගැටීම සහ අධික වර්ෂාව යන හේතූන් බලපා ඇති බව සඳහන් වෙනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි මෙම තොරතුරු ඉදිරිපත් කළා.

අධිවේගී මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ කමිටුව විසින් කරන ලද දත්ත විශ්ලේෂණයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

ආචාර්ය චමෝද් හෙට්ටිආරච්චි, ආචාර්ය සමිත සමරනායක හා ඉංජිනේරු කීර්ති රත්නායක විසින් මෙම විශ්ලේෂණය සිදුකර තිබුණා.

ඉහත හේතුවලට අමතරව රථවාහනවල අඩුපාඩු එනම් ටයර් පුපුරා යාම, තිරිංග පද්ධති​යේ දෝෂ වැනි හේතුවල බලපෑමෙන් අනතුරු 837 ක්ද සිදුවී තිබෙනවා.

මත්තල ප්‍රදේශය ආසන්නයේදී  වාහනවල සතුන් ගැටීම නිසා අනතුරු වැඩි ප්‍රමාණයක් සිදුවී ඇති බව සඳහන් .

අධිවේගී මාර්ගයේදී මරණීය සහ ශරීර ආබාධ අනතුරු 1820 ක් සිදුවී තිබෙන බවත්, ඉන් 637 ක්ම සිදුවී ඇත්තේ රියැදුරුගේ නොසැලකිලිමත්කම නිසා බව ආචාර්ය චමෝද්​ හෙට්ටිආරච්චි මහතා තවදුරටත් පෙන්වා දුන්නා.

මරණීය සහ ශරීර ආබාධ අනතුරු අතරින් 347 ක් රියැදුරුගේ නිදිමත සහ වෙහෙසකර ගතිය හේතුවෙන් ද, 158 ක් වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදීද, 159 ක් වැසි සහිත කාලගුණික තත්ත්වය නිසාද, 260 ක් ටයර් පුපුරා යාමෙන්ද සිදුව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...