26 C
Colombo
Tuesday, April 30, 2024

ධම්මික පැණිය තහනම්. අමතර ආහාරයක් ලෙසත් බැහැ.

- Advertisement -

සායනික පරික්ෂෘවෙන් අසමත්වූ කෑගල්ලේ ධම්මික වෙදමහතාගේ කොරෝනා පැනිය මින් ඉදිරියට නිෂ්පාදනය නොකරන්නැයි ඊයේ (06) දිනයේ ධම්මික බණ්ඩාර මහතාට ලිඛිතව දැනුම් දුන් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පවසනවා.

මෙම පැනිය ආහාර අතිරේකයක් ලෙස නිෂ්පාදනය කිරීමට හා භාවිතා කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව මීට පෙර අනුමැතිය ලබාදී තිබිණද එම කාලසීමාව මේ වන විට අවසන්වී ඇති බවයි ලේකම්වරිය පවසන්නේ.

මෙම පැණිය පානය කිරීමෙන් කොවිඩ් වෛරසය සුවවන බවට කෑගල්ලේ ධම්මික වෙදමහතා දිගින් දිගටම ප්‍රකාශ කිරීමත් සමඟ එය සායනික පරීක්ෂණයකට යොමු කිරීමට මීට පෙර කටයුතු සම්පාදනය කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ සායනික පරීක්ෂණයෙන් මෙම පැණිය පානය කිරීමෙන් කොවිඩ් සුව නොවන බවට තහවුරු වී ඇති බව විද්වත් කමිටුව සිය අවසන් වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

එම වාර්තාවේ සඳහන් වන්නේ ධම්මික පැනිය මගින් කොවිඩ් වෛරසයට එරෙහිව කිසිදු සාර්ථක ප්‍රතිඵලයක් අත්කර නොදෙන බවයි.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...