32 C
Colombo
Thursday, May 9, 2024

එයාට ඒ වගේ එකක් පේන්නැත්නම් එයා වෙන රස්සාවක් කලානම් තමා හොඳ – වනිදු

- Advertisement -

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවති තෙවැනි 20යි 20 තරගය ලකුණු 03කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (21) සමත් වුණා.

මෙම තරගයේ අවසන් පන්දු වාරයේදී කමිඳු මෙන්ඩිස් මුහුණ දුන් පන්දුව සම්බන්ධයෙන් තරග විනිසුරුවරයා විසින් ලබාදුන් තීන්දුව පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක වනිදු හසරංග පවසා සිටියේ අන්තර්ජාතික තරගයක දී මෙවැනි විනිසුරු තීරණයන් බලාපොරොත්තු විය නොහැකි බවයි.

තව මඳක් පන්දුව ඉහළ ගියේ නම්, පන්දුව පිතිකරුගේ හිසේ වදින බවත් එවැනි දෙයක් නොපෙනේ නම් එම විනිසුරුවරයා අන්තර්ජාතික විනිසුරු මට්ටමට නොගැළපෙන බව තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කරමින් නායක වනිදු හසරංග පවසා සිටියා.

එබැවින් එම විනිසුරුවරයා වෙනත් රැකියාවක් තෝරාගැනීම සුදුසු බවයි ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

නායක වනිදු හසරංග තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මෙවැනි නිපන්දු පිළිබඳ ඇති වන ගැටලු සඳහාද විනිසුරු තීරණ පිළිබඳ තෙවැනි විනිසුරුට යොමු කිරීම හෙවත් රිවීව් අවස්ථාව ඇති කළ යුතු බවත් අවශ්‍ය නම් පිටියේ විනිසුරුට එය තෙවැනි විනිසුරු සඳහා යොමු කිරීමට හැකියාව පැවති බවයි.

කෙසේ වෙතත් දෙරට අතර පැවති 20යි 20 තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගනු ලැබුවේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.

ඊයේ තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 209ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී ලබා ගැනිමට හැකිවුයේ ලකුණු 206ක් පමණයි.

ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 60ක් සහ කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වුණා.

RECENT ARTICLES - SINHALA

නීති විරෝධී ලන්ච් ෂීට් තොගයක් වටලයි

නීති විරෝධී පොලිතීන් “ලන්ච් ෂීට්” තොගයක් කැස්බෑව සහ බෙල්ලන්විල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු...

ඖෂධ අධිකාරියේ හිටපු CEO රිමාන්ඩ්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුව මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...

අධික උණුසුමෙන් යාපනයේ 4 දෙනෙකු ජීවිතක්ෂයට

අධික උණුසුමත් සමඟ ඇති වූ සංකූලතා හේතුවෙන් යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව යාපනය රෝහලේ විශේෂඥ වෛද්‍ය පී.නන්දරාජා මහතා පවසනවා. පසුගිය...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...