28 C
Colombo
Friday, May 3, 2024

ඉතිහාසයේ ප්‍රථම වතාවට සියලුම වෛද්‍ය සංගම් එක්වී කොවිඩ් බරපතලකම ගැන ජනපතිට ලිපියක්

- Advertisement -

ඉතිහාසයේ ප්‍රථම වතාවට සියලුම වෛද්‍ය සංගම් එක්වී පවත්නා කොවිඩ් අධි අවධානම් තත්ත්වය පිළිබදව පැහැදිළි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඒකාබද්ධ ලිපියක් යොමුකර තිබෙනවා.

මෙම ලිපිය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර්විද්‍යාල කමිටුව අත්සන් තබා තිබෙනවා.

අදාල ලිපිය මගින් ඔවුන් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොවිඩ් 19 වසංගත තත්ත්වය පෙර නොවූවිරූ ආකාරයෙන් වේගයෙන් පැතිරෙමින් පවතින බවයි.

ඒ හේතුවෙන් රෝගීන් සංඛ්‍යාව මෙන්ම මරණ සංඛ්‍යාවද වේගයෙන් ඉහළ යමින් තිබෙන බවත් මේ නිසා කුමන රෝගියාට ප්‍රතිකාර කරන්නේද කුමන රෝගියාට මියයන්නට හරින්නේද යන්න පවා තිරණය කිරීමේ තත්ත්වයකට එළැඹීමට සිදුව ඇති බවද ලිපියෙහි සදහන්.

මෙම තත්ත්වය ඉදිරියේදී ජාතික ව්‍යාසන තත්ත්වයකට පත්විය හැකි බැවින් මහජනතාවගේ සංචරණයට දැඩි සීමා පැනවීමට ඔවුන් යෝජනා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...