27 C
Colombo
Friday, May 10, 2024

ගාල්ල විනෝද වරායක් කරන්න කැබිනට් අනුමැතිය

- Advertisement -

ගාල්ල වරාය වාණිජ හා විනෝදාස්වාද වරායක් ලෙස සංවර්ධනය කිරීමට කැබිනට්  අනුමැතිය හිමි වී තිබෙනවා

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හා විනෝදාස්වාද කටයුතු වලට අදාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම පිණිස අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා 2023-8-14 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ අනුව, දියකඩනය, ගැඹුරු මගී නැංගුරම්පොළ, රැදවුම් බැම්ම, මුහුදු තාප්පය, ඇල මාර්ග කැණීම් සහ ඉඩම් ගොඩකිරීම ආශ්‍රිත සමුද්‍රීය  ව්‍යුහ හා ගොඩ කරන ලද ඉඩම්වල පසුකාලීන මිශ්‍ර සංවර්ධන කටයුතු මූල්‍ය පහසුකම් යොදවා ඉදිකර මෙහෙයුම් කර පවරාදීමේ පදනම මත ගාල්ල වරාය  සංවර්ධනය කිරීමේ යෝජිත  ව්‍යාපෘතිය සඳහා ආයෝජකයකු තෝරා ගැනීම පිණිස අභිලාෂ කැඳවීම යෝජනා සඳහා ඉල්ලීම් කැඳවීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...

වසන්ත කරන්නාගොඩට එරෙහිව අලුත්කඩේ විරෝධයක්

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් නිහඩ විරෝධතාවක් හා ජනතාව දැනුවත් කිරීම සදහා අත් පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් ඊයේ (09) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සංවිධානය...

විදුලි සංදේශ නියාමන පනත වසර විසිඅටකට පසු සංශෝධනයට

වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත හෙට (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...