31 C
Colombo
Tuesday, May 21, 2024

ෆේස් බුක් බිඳ වැටීමෙන් මෙටා සමාගමට දැවැන්ත පාඩුවක්

- Advertisement -

ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය හදිසියේ අක්‍රිය වීමෙන්, එම සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරන මාර්ක් සකර්බර්ග්ගේ ‘මෙටා’ සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක ආදායමක් අහිමි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ලොව පුරා ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඊයේ  (04) දිනයේදී හදිසි බිඳ වැටීමකට ලක්ව තිබුනා.

එහිදී ෆේස්බුක් පරිශීලකයන්ගෙන් ජංගම දුරකතන යෙදුම හරහා සම්බන්ධවී සිටි සියලුම දෙනාගේ ගිණුම්වලින් කිසිදු දැනුම්දීමකින් තොරවම ඉවත්වීමක් (Logout) සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් ලොව පුරා සිටින සමාජ මාධ්‍ය පරිශීලකයින් බිලියන ගණනක් අපහසුතාවයට ලක්ව තිබුණා.

ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය තුනම මේ අයුරින් එකවිට අක්‍රිය වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙනවා.

මේ අතර, ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය බිඳ වැටීමෙන් පසු ‘මෙටා’ සමාගමේ කොටස් මිල ද  1.5 % කින් පහත වැටී ඇති බවද වාර්තා වෙනවා.

2021 වසරේදීද Meta සමාගමට අයත් සමාජ මාධ්‍ය ජාලා මෙලෙස බිඳ වැටීමකට ලක් වුණු අතර එය නැවතත් යථා තත්වයට පත් කිරීමට පැය 7 ක පමණ කාලයක් ගත වී තිබුණා.

කෙසේවෙතත් ඊයේ දින හට ගත් බිඳ වැටීම පැය දෙකක පමණ කාලයක් අතරතුර යළි පිළිසකර කර තිබූ අතර Meta හි අභ්‍යන්තර පද්ධති ක්‍රියා විරහිත වීමෙන් හටගත් තාක්ෂණික දෝෂයක් මීට හේතු වී ඇති බවයි වාර්තා වෙන්නේ.


RECENT ARTICLES - SINHALA

ඉන්දියාවේ ආරක්ෂාවට හානි වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ – අලි සබ්රි

වගකීම් සහගත අසල්වැසි රටක් වශයෙන්  ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට හානි කිරීමට ඉඩ නොතබන බව විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා පවසා තිබෙනවා. ඉන්දීය ප්‍රවෘත්ති නාලිකාවක්...

බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අවසන්

බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසනවා. රුපියල් 25,000ක...

දන්සැල් තියෙන තැන් හොයාගන්න ඇප් එකක්

එළඹෙන වෙසක් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන දන්සැල් පිළිබඳව තොරතුරු සොයා ගත හැකි ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා. Google Play Store වෙත පිවිස...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...