29 C
Colombo
Thursday, May 2, 2024

සෞඛ්‍ය පද්ධතිය බිද වැටිලා. බදුල්ලේ PHI ලා ලෙඩ නිවාඩු දමයි

- Advertisement -

බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (10) අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා කිරීමෙන් වැළකී තිබෙනවා.

අදාළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට හේතුවී ඇත්තේ දිස්ත්‍රික්කයේ කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාත්මක වැඩපිළිවල නිසි පරිදි සිදුකිරීමට හැකියාවක් නොමැතිවීම හේතුවෙන් බවයි බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති රංජිත් දිසානායක මහතා පවසන්නේ.

මේ වන විට නිරෝධායනය ක්‍රියාවලිය අවිධිමත් ලෙස සිදුවන බවත් රෝග ආශ්‍රිතයින් සොයා ගැනීම, PCR සිදුකිරීම හා ආසාදිතයින් රෝහල්ගත කිරීම වැනි කටයුතු ද බොහෝ සෙයින් අක්‍රමවත් ක්‍රියාවලියක සිදුවන බවත් ඔහු සදහන් කරනවා.

“මේ නෛතික ක්‍රියාවලිය තුළ නිශ්චිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන රාජකාරි මොනවා ද කියන එක අපට පැහැදිලි කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණා. ඒ සඳහා ප්‍රධාන ලේකම්තුමා සහ සෞඛ්‍ය ලේකම්තුමා සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කරා මේ තීරණ පරිදි ක්‍රියාත්මක වෙන්න කියලා. නමුත් ඒ තීරණ අද වෙනකල් ඔවුන් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වෙලා තියෙනවා. මේ තුළ වෘත්තීය අයිතීන් දිනාගැනීමක් නෑ. බදුල්ලේ ජනතාවට ගුණාත්මකව මේ සේවය ඉටුකිරීමේ අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ. ඒ නිසා මෙහිදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට අපි සුදානම් වුණේ මහජනතාව ආරක්ෂා කරන්න”

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...