26 C
Colombo
Saturday, May 18, 2024

අලි සබ්‍රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය ගැන අධිකරණයෙන් නියෝගයක්

- Advertisement -

රත්තරන් සහ ජංගම දුරකථන තොගයක් සමග අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල් අලි සබ්රි රහීම් මහතා පක්ෂයෙන් නෙරපීම වළක්වමින් සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (07) නිකුත් කළා.

පක්ෂයෙන් නෙරපමින් නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක වීම තහනමට ලක් කළද පැමිණිලිකරුට එරෙහිව පක්ෂය මගින් නීත්‍යානුකූලව විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට මෙම තහනම බාධාවක් නොවන බවද අදාළ නියෝගය නිකුත් කරමින් ප්‍රධාන දිසා විනිසුරුවරයා පෙන්වා දී තිබුණා.

අලි සබ්රි මහතා ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ රිසාඩ් බදුර්දීන්,එම කොංග්‍රසයේ ලේකම් සුබෙයිර්ඩීන් සහ එක්සත් ජාතික සන්ධානයේ මහ ලේකම් එම්.නයිනමුල්ලා යන අයට මෙම අතුරු තහනම නිකුත් කරනු ලැබුවා.

රේගු අන පනත් උල්ලංඝනය කරමින්, මන්ත්‍රීවරයෙකුට නොගැළපෙන හැසිරීම් රටාවක නිරත වීම තුළින් පක්ෂ විනය බරපතල උල්ලංඝනය කිරීමට ලක්කර ඇතැයි සඳහන් කරමින් 2023 නොවැම්බර් මස 05 වැනි දින නිකුත් කළ  නෙරපීමේ ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වමින් නිකුත් කළ මෙම අතුරු තහනම නඩුවේ අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් ක්‍රියාත්මක වනවා.

පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චි මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා සමග නීතිඥ පුලස්ති රූපසිංහ මහතාපෙනී සිටි අතර, විත්තිකරුවන් වෙනුවෙන් සමඟ ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතා පෙනී සිටියා.


RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...