29 C
Colombo
Thursday, May 16, 2024

මැතිව්ස්ට Time – Out දුන් විනිසුරු විශ්‍රාම ගිහින්

- Advertisement -

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශයේ ෂකීබ් අල් හසන්ගේ ඉල්ලීම පරිදි ඇන්ජලෝ මැතිව්ස් ‘Time – Out’ ක්‍රමයට පිටියෙන් එළියට දැමූ විනිසුරු මොරිස් එරාස්මස් එම තනතුරෙන් විශ්‍රාම ගොස් තිබෙනවා.

ඒ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හී ඊයේ (14) පැවති නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර 2 වැනි ටෙස්ට් තරගයෙන් අනතුරුවයි.

වසර 146ක ජාත්‍යන්තර ක්‍රිකට් තරග ඉතිහාසයේ නියමිත වේලාවට තණතිල්ලට පැමිණ පන්දුවට පහර නොදීමේ චෝදනාව මත (Timed Out) දවාගත් පළමු ක්‍රීඩකයා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු මොරිස් එරාස්මස් කටයුතු කළා.

මෙම ක්‍රියාව පිළිබඳ ක්‍රිකට් ලොව මහත් ආන්දෝලනයක් ඇති කරනු ලැබුවා.

එලෙස මැතිව්ස් දවා ගැනීම ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණයට එරෙහි ඉතාම ලැජ්ජා සහගත ක්‍රියාවක් බව ක්‍රිකට් විචාරකයෝ චෝදනා කළ අතර, ඉන් හරියටම මාස 4ක් ගෙවී යද්දීයි මෙලෙස මොරිස් එරාස්මස් විනිසුරු දිවියට තිත තැබීමට තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ධාවනය වෙමින් තිබු ලංගම බසයේ රියදුරු අසුනේදි මිය ගිහින්

නුවරඑළිය සිට නාවලපිටිය දක්වා ධාවනය වෙමින් තිබූ නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක රියදුරා, එම බස් රථයේ රියදුරු අසුන මත ජිවිතක්ෂයට පත්විමේ පුවතක් වාර්තා...

අදානි එක්ක ගහපු සුළං බලාගාර ගිවිසුමෙන් බිලියන11ක පාඩුවක්

ඉන්දිය සමාගමකින් සුළං බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට අත්සන් කර තිබෙන මිල ගණන් පිළිබඳ ගිවිසුම් වෙනස් නොකළ හොත් වසරකට රුපියල් බිලියන11කට අධික මුදලක් රටට...

තාත්තා සිහි කරන්න කෞතුකාගාරයක් අපි ඉල්ලුවේ නැහැ – අමන් අෂ්රෆ්

තම පියා ඉටු කළ සේවය අගය කරමින් ‘අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්’ ඉදිකිරීමට තමා හෝ තමාගේ මව කිසිදු ඉල්ලීමක් නොකළ බව පවසමින් එම්.එච්.එම්. අෂ්රෆ් මහතාගේ පුතු...

POPULAR ARTICLES

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...