25 C
Colombo
Wednesday, May 15, 2024

මාලිංගට කළ දෙයක් නිසා හර්දික් පාණ්ඩ්‍යාට දැඩි අප්‍රසාදයක් (වීඩියෝ)

- Advertisement -

මේ දිනවල පැවැත්වෙන Indian Premier League තරඟය සඳහා ලොවපුරා ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය හිමි කරගෙන තිබෙනවා.

මේ අතර, සන්රයිසස් හයිද්‍රාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරඟය අතරතුර සිදු වූ සිදුවීමක් සම්බන්ධයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යාට ක්‍රීඩා ලෝලීන් සිය අප්‍රසාදය පළ කරමින් සමාජ මාධ්‍ය තුළ අදහස් පළ කර තිබුණා.

සන්රයිසස් හයිද්‍රාබාද් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර තරඟය අවසානයේ හර්දික් මේ වන විට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවෙකු වශයෙන් සිටින ක්‍රීඩක ලසිත් මාලිංගව නොසලකා හරිනු දක්වන අවස්ථාවක් මීට හේතු වී තිබුණා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පරාජයත් සමඟ ඔහු ලසිත් මාලිංග වෙත අතට අත දීම ප්‍රතික්ෂේප කරන අයුරු එහි දැක්වෙනවා.

මේ අතර,මුම්බායි ඉන්දියන් පුහුණුකරුවන් වන කිරන් පොලාර්ඩ් සහ ලසිත් මාලිංග කතා බහ කරමින් සිටින ස්ථානයට හර්දික් පාණ්ඩ්‍යා පැමිණෙන අවස්ථාවක ලසිත් මාලිංග ඔහුගේ පුටුව ලබා දී එතැනින් පිටත්ව යන ආකාරය දැක්වෙන වීඩියෝපටයක්ද  නිකුත් වී  ඇති අතර හර්දික්ගේ හැසිරීම එහිදීද විවේචනයට ලක් වුණා.

හර්දික් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයින්ට ගරු කිරීමට නොදන්න ක්‍රීඩකයෙකු බවත් ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්වයට පත් වීමත් සමඟ ඔහුගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් ඇති වී ඇති බව පවසමින් ක්‍රීඩා ලෝලීන් ඔහුට චෝදනා කර තිබෙනවා.

අදාළ සිදුවීම දැක්වෙන වීඩියෝව පහතින්,

RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුව ගැන සාකච්ඡාවට නිළධාරීන් ගිහින් නැහැ

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද...

රජයේ දේපළකට අයුතු ලෙස ඇතුළු වු 14දෙනා රිමාන්ඩ්

රජයේ දේපොළකට අයුතු ලෙස ඇතුළු වූයේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 14 දෙනෙකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත...

වෙසක් සැරසිලිවලට ප්ලාස්ටික් තහනම්

එළඹෙන වෙසක් සමයේ සිදු කරන විවිධාකාර සැරසිලි සඳහා ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙළඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින් ප්ලාස්ටික් වලින්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...