28 C
Colombo
Friday, May 3, 2024

උත්සව තහනම ඇමති ප්‍රසන්නට අදාළ නැහැ (ඡායාරූප)

- Advertisement -

වතුපිටිවල රෝහල සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිකල තාවකාලික කොවිඩ් වාට්ටුව එම රෝහල වෙත භාරදීම සදහා ඊයේ (12) උත්සවයක් පවත්වා තිබෙනවා.

එය සිදුකර ඇත්තේ ප්‍රදේශයේ අමාත්‍යවරයා වන සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා සහ සහන් ප්‍රදීප් විතාන යන මහත්වරුන් ද එක්වුණා.

ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරන්නේ අදාළ රෝහල ඉදිකිරීම සඳහා මූලිකත්වය ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් එම පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව එය ක්‍රියාත්මක කෙරුණු බවත්ය.

මෙම උත්සව අවස්ථාවේදී පුද්ගල දුරස්ථභාවය පවත්වානොගෙන කටයුතු කරන ආකාරයද අවස්ථා කිහිපයදීම දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම උත්සව පැවැත්වීම තහනම් කර තිබෙන පරිසරයකදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙම උත්සවය සංවිධානය කර තිබීම විශේෂත්වයක් වනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...