28 C
Colombo
Sunday, May 5, 2024

ජනතාව ජීවිත බියෙන් ඉද්දි ආණ්ඩුව පෝට් සිටි පනතක් ගේනවා

- Advertisement -

කොවිඩ් තත්ත්වයත් සමඟ ජනතාව ජීවිතාරක්ෂාව ගැන බියකින් පසුවන මොහොතක පෝට් සිටි වැනි පනතක් සම්මත කරගැනීම යෝග්‍ය නොවන අතර එයට පක්ෂ නායක රැස්වීමේදී අද (13) සිය විරෝධය පළකලද ඊට ඇහුම්කන් නොදී ආණ්ඩුව සුපුරුදු ලෙස තමන්ගේ ගෝරනාඩුව යොදාගෙන 19 හා 20 යන දෙදින තුළ ඒ ගැන පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මතකර ගැනීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි.

මෙය කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදී, ජනතා පරමාධිපත්‍යයට ගරු කරන තීන්දුවක් නොවන බවයි අනුර දිසානායක මහතා පවසන්නේ.

”ආණ්ඩුව තමන්ගේ මුග්ධ,විනාශකාරී උත්සාහයන් ජනතාව විපතට පත්වෙලා තිබෙන මොහොතක, ජනතාවට තමන්ගේ මරණය ගැන බියජනක තත්ත්වයක් පවතින මොහොතක ආණ්ඩුව උත්සහ කරමින් තිබෙන්නේ එවැනි විනාශකාරී පනතක් සම්මතකරගන්න. ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී, විනාශකාරී ක්‍රියාදාමයට විරුද්ධව අපි අපේ විරුද්ධත්වය පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශයට පත් කළා. ආණ්ඩුව ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා සුපුරුදු ලෙස ඔවුන්ගේ තීරණය ගනු ලැබුවා.” යැයි ඒ මහතා පවසයි

රට සම්බන්ධයෙන්, උපනුපන් අනාගත පරම්පරාව වෙනුවෙන් තීරණාත්මක වෙන තීන්දුවක් ගැනීමේදී ඊට ජනතාවගේ හඬද අදාළ කරගත යුතු වුවත් ආණ්ඩුව එය බැහැර කර තිබෙන බවයි අනුර දිසානායක මහතා පෙන්වාදුන්නේ.

රටම අනතුරට හෙළන මෙම පනත ජනතා සහභාගීත්වයක් නොමැතිව බලහත්කාරී ලෙස සම්මත කරගැනීමට දරන උත්සහ පරාජය කළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

RECENT ARTICLES - SINHALA

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...