26 C
Colombo
Tuesday, May 21, 2024

IPL වාර්තා අලුත් කළ සන්රයිසස් හයිද්‍රාබාද්

- Advertisement -

IPL තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ (15) පැවති සුපිරි ක්‍රිකට් තරගයේ වාර්තා අලුත් කරන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

ඊයේ පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 25කින් පරාජය කළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ජය හිමිකරගත්තා.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 20 දී කඩුලු 03ක් දැවී ලකුණු 287ක් ලබා ගත් අතර එය IPL පිටියේ කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා.

එය මීට සති තුනකට පෙර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 03ක් දැවී ලකුණු 277ක් ලබා පිහිට වූ වාර්තාව අලුත් කිරීමක්.

මෙම තරගයේ දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමද කඩුලු 07ක් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ අනුව සමස්ත තරගයේ දී ලකුණු 549ක් වාර්තා වූ අතර එය පන්දුවාර විස්ස තරගයක දී කණ්ඩායම් දෙකක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාවද වනවා.

එම තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හයේ පහර 22ක් එල්ල කළ අතර එය IPL තරගයක ඉනිමකදී එල්ලකළ වැඩිම හයේ පහර සංඛ්‍යාවද වනවා.

තරගය පුරා හයේ පහර 38ක් එල්ල වූ අතර එය ද ඕනෑම පන්දුවාර විස්සයි විස්ස තරගයක වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාව ද වුණා.

RECENT ARTICLES - SINHALA

කසිප්පු පෙරූ එස්.අයි. ගේ වැඩ තහනම්

කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්ක...

බස් රථයක් පෙරළී හයදෙනෙකු රෝහලේ

කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේදී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස්රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් 06 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව...

ගසක් කඩා වැටි අයෙක් මරුට

ඉමදුව කෝඹල පිටුවලහේන ගුණසේකර කන්ද ප්‍රදේශයේ තේ ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතට ගසක් කඩාවැටි ඔහු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...