28 C
Colombo
Tuesday, May 21, 2024

අවුරුදු ගීතයක් විකෘති කළ සුරාබදු නිලධාරියා අත්අඩංගුවට

- Advertisement -

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ ගීතයක් විකෘත කළ බවට සැකකෙරෙන සුරාබදු නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝහණ බැද්දගේ මහතා විසින් රන්වල බළකාය සමග ගායනා කරනු ලබන අවුරුදු සමයේ විකාශය වන ‘සූරිය මංගල්‍ලේ ‘ගීතය එලෙස විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

ඒ අනුව ඊයේ (16) වාරියපොළ පිහිටි වයඹ පළාත් ඒකකයේ දී එම සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අවුරුදු 31ක් වූ තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.


RECENT ARTICLES - SINHALA

කුසල් මෙන්ඩිස්ට වීසා හිමිවෙයි

ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට එළඹෙන ICC පිරිමි T20 ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා ඇමරිකාවට යාමට විසා බලපත්‍රය ලැබී තිබෙනවා. ඉදිරි දින...

ඩයනා අධිකරණයට එයි

විදේශ ගමන් බලපත්‍ර සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක් වශයෙන් නම්කර සිටින හිටපු රාජ්‍ය අමත්‍ය ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා. මෙරට පුරවැසිභාවය නොමැතිව ශ්‍රී ලාංකික...

වැස්සෙන් දුම්රිය ධාවනයටත් බාධා

දැනට පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ - පුත්තලම දුම්රිය මාර්ගයේ මුන්දලම සිට පුත්තලම දක්වා මාර්ගය ජලයෙන් යට වීමෙන් දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇතැයි දුම්රිය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...

කෞෂල්‍ය නවරත්න බාර් කවුන්සිලයෙන් ඉවතට

ශ්‍රී ලංකා නීතිඥ සංගම⁣යේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (18) රැස්වූ එම සංගමයේ සාමාජිකයන් දහසකට ආසන්න පිරිසකගෙන් සමන්විත බාර් කවුන්සිලය එම...