26 C
Colombo
Tuesday, May 21, 2024

ශ්‍රී ලාංකික තරුණියක් අඟහරු වෙත යන්න සුදානම්

- Advertisement -

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තුළ සිදුකෙරෙන මෙහෙයුමකට සහභාගී වීමට නාසා ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

ස්වේච්ඡා සේවකයන් හතර දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සඳහා මෙලෙස තෝරාගෙන ඇත්තේ පියුමි විජේසේකර නම් පර්යේෂිකාවයි.

ඒ අනුව Jason Lee, Stephanie Navarro, Sharef Al Romaithi සහ පියුමි විජේසේකර මැයි මස 10වැනිදා නාසා ඒජන්සියේ HERA නමින් හැඳින්වෙන අංශය වෙත පිවිසෙනු ඇති.

එම අංශය වෙත පිවිසි පසු,කණ්ඩායම දින 45ක් අඟහරු වෙත ගිය ගගනගාමීන් මෙන් ජීවත් වන බවත් කාර්ය මණ්ඩලය ‘යළි පෘථිවියට පැමිණීම’ සටහන් කිරීමෙන් පසු ජුනි 24 වැනි දින ඔවුන්ට අදාළ පරිශ්‍රයෙන් පිටව යෑමට හැකියි.

Jose Baca සහ Brandon Kent මෙම මෙහෙයුමේ විකල්ප කාර්ය මණ්ඩල සාමාජිකයන් වනවා.

නාසා ආයතනය සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් යැවීමට පෙර කාර්ය මණ්ඩල සාමාජිකයන්ට හුදකලාවට හුරුවීම සහ දුරස්ථ තත්ත්වයන්ට අනුගත වන ආකාරය අධ්‍යයනය කිරීමට HERA ඔස්සේ විද්‍යාඥයන්ට පුහුණුව ලබා දෙනු ලබනවා.

ඊට විද්‍යාත්මක පර්යේෂණ සහ මෙහෙයුම් කාර්යයන් සේම අඟහරු මත ඇවිදීම වැනි පුහුණුකිරීම් ද ඇතුළත්.

පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥයෙක්.

විජේසේකර සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, පෙන්හි පිට්ස්බර්ග්හි කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ගෙන තිබෙනවා.

පියුමි විජේසේකර දැනට ජීවත් වන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝහිය.

RECENT ARTICLES - SINHALA

කසිප්පු පෙරූ එස්.අයි. ගේ වැඩ තහනම්

කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්ක...

බස් රථයක් පෙරළී හයදෙනෙකු රෝහලේ

කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේදී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස්රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් 06 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව...

ගසක් කඩා වැටි අයෙක් මරුට

ඉමදුව කෝඹල පිටුවලහේන ගුණසේකර කන්ද ප්‍රදේශයේ තේ ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතට ගසක් කඩාවැටි ඔහු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...