26 C
Colombo
Wednesday, May 22, 2024

අවුරුදු ගීතය නිසා සුරාබදු නියාමකගේ වැඩ තහනම්

- Advertisement -

ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාගේ අවුරුදු ගීතයක් විකෘති කළ බවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළ සුරාබදු නියාමකවරයාගේ වැඩ තහනම් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ (17) කටයුතු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තු මට්ටමින් අභ්‍යන්තර පරීක්ෂණයක්ද සිදු කිරීමට නියමිත බවට වැඩිදුරටත් වාර්තා වෙනවා.

සුරාබදු දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසා ඇත්තේ අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නියාමකවරයා විසින් ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා හුවමාරු කළ බවට මෙතෙක් දැන ගන්නට ලැබී නැති අතර පොලිස් විමර්ශන දැනගන්නට වාර්තා නිසියාකාරව ලැබීමෙන් පසු සුරාබදු නියාමකවරයා වරදක් කර ඇති බවට තහවුරු වුව හොත් ඔහු සම්බන්ධයෙන් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර, අවුරුදු ගීතයක් විකෘති කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් මෙම සුරාබදු නියාමකවරයා එළැඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

සැකකරු බන්ධනාගාරය මඟින් කුරුණෑගල මානසික ඒකකයට යොමුකර වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙසද  කුලියාපිටිය වැඩබලන මහෙස්ත්‍රාත් උපුල් අලගියවන්න මහතා මෙහිදී නියම කර තිබුණා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ දුම්මලසූරියේ සුරාබදු උප කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහනුවර තලාතුඔය පදිංචිකරුවෙක්.

රන්වල බළකාය සමග ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගයනු ලබන “සූරිය මංගල්ලේ” ගීතයේ තනුව සහ සංගීතය එසේම තිබියදී එහි වචන ප්‍රතිනිර්මාණය කිරීමට එරෙහිව සැකකරු වෙත චෝදනා එල්ල වුණා.

සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා  ඇතුළු පාර්ශ්ව කිහිපයකින් ලද පැමිණිලි  පදනම් කර ගනිමින්  පරිගණක අපරාධ විශේෂ ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

ඒ අනුව සිදු කළ විමර්ශනවලදී,  වයඹ පළාත් ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පරිගණක අපරාධ කොට්ඨාස නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම රූපවාහිනී නාලිකාවක (ස්වාධීන රූපවාහිනිය ) අවුරුදු තේමා ගීයක වූ මෙම ගීතය ඉතාම අශෝභන වචන යොදමින් ප්‍රතිනිර්මාණය කළ බවට ‍චෝදනා කරමින් එහි නිර්මාතෘ රෝහණ බැද්දගේ මහතා ඇතුළු පාර්ශ්ව ගණනාවක් දැඩි අවධානයෙන් පසුවන බවද එම නිලධාරීන් අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

කෙසේවෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් එහිදි අධිකරණයට පවසා ඇත්තේ  සැකකරු අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබූ වීඩියෝවක් තම මුහුණු පොත ඔස්සේ පළ කිරීම (ෂෙයා) සිදු කළා මිසක එම ගීතය ප්‍රතිනිර්මාණය නොකළ බවයි.

එමෙන්ම මෙම ගීතය තවත් ටික්ටොක්, යූ ටියුබ්, ෆේස්බුක් ආදි ගිණුම් රැසකම පවතින බවත් එලෙස අත්අඩංගුවට ගන්නේ නම් අති විශාල පිරිසක් අත්අඩංගුවට ගතයුතු බවත් නීතිඥයින් අධිකරණයට පෙන්වා දී තිබෙනවා.

තවද, එම ගීතයේ කිසිදු අසභ්‍ය වදනක් අඩංගු නොවන බව පවසමින්  සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඔහු වෙනුවෙන් ඇප ඉල්ල තිබුණා.

කෙසේවෙතත්, දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් වැඩබලන මහෙස්ත්‍රාත්වරයා ඇප ප්‍රතික්ෂේප කිරීමට තීරණය කර තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ඩයනට එරෙහිව තවත් නඩුවක්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. වැලිගම නගර සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම...

නිවාස වල උරුමකරුවන්ටත් ඔප්පු

අඩු ආදායම්ලාභී පවුල් 50,000කට හිමිකම් ඔප්පු ලබා දීමේ වැඩපිළිවෙල යටතේ නිවාස වල පූර්ණ අයිතිය පැවරීමේ දී මුල් ප්‍රතිලාභියා මරණයට පත්ව ඇත්නම් දැනට නිවසේ පදිංචි...

වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ

පදවිය ඕමාරකඩ ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් පාදයට බරපතල තුවාල සිදුවූ පුද්ගලයකු අනුරාධපුර ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ පදවිය,...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...