26 C
Colombo
Tuesday, May 21, 2024

බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡාවලට IMF සහය

- Advertisement -

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ශ්‍රී ලංකාවේ සාකච්ඡා සඳහා සහාය වීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පවසා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ අදාළ පාර්ශවයන් සමඟ පතිපත්තිමය එකඟතාවයකට පැමිණීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් විධිමත් තක්සේරුවක් ලබා දෙන බවයි.

මෙරටට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකයට විධායක කමිටු අනුමැතිය ලබා දීමට ප්‍රථමයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට සහ ණය හිමියන්ට විනිවිදභාවයකින් යුතුව කටයුතු කළ හැකි වන ආකාරයේ ගිවිසුමකට ශ්‍රී ලංකාව එළඹෙනු ඇති බවට විශ්වාස කරන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තවදුරටත් සඳහන් කර තිබෙනවා.

ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක වටිනාකමින් යුත් ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බැඳුම්කරහිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට අපොහොසත් වූ බව ශ්‍රී ලංකාවේ බලධාරීන් පසුගියදා දැනුම් දුන්නා.

ඒත් සමඟම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය මුදලේ තෙවැනි වාරිකය ජූනි මස ලබා ගැනීමට නොහැකිවනු ඇති බවටද අදහස් පළ වුණා.

RECENT ARTICLES - SINHALA

කසිප්පු පෙරූ එස්.අයි. ගේ වැඩ තහනම්

කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්ක...

බස් රථයක් පෙරළී හයදෙනෙකු රෝහලේ

කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේදී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස්රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් 06 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව...

ගසක් කඩා වැටි අයෙක් මරුට

ඉමදුව කෝඹල පිටුවලහේන ගුණසේකර කන්ද ප්‍රදේශයේ තේ ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතට ගසක් කඩාවැටි ඔහු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...