28 C
Colombo
Friday, May 3, 2024

නිරෝෂන් ප්‍රේමරත්නගෙන් තලවතුගොඩ පොලිස් මාර්ග බාධකයේදී පොලීසියට සද්දයක් (වීඩියෝ)

- Advertisement -

ජාතික නිදහස් පෙරමුණේ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න හා පොලීසිය අතර අද (16) බහින්බස්වීමක් සිදුවුණා.

දිවයින පුරා සංචාරක සීමා පනවා ඇති හෙයින් මාර්ගයේ ගමන්ගන්නා රථවාහන පරික්ෂාකිරීම සඳහා තලවතුගොඩ නගරයේ යොදවා ඇති පොලිස් මාර්ග බාධකයේදී එක්තරා කුඩා ලොරි රථයක් පොලීසිය විසින් නවත්වා තිබෙනවා.

එහිදී අදාළ ලොරි රථය නැවැත්වීම පිළිබදව රියදුරු සහයකයා විසින් පොලීසියට දෝෂාරෝපණ එල්ල කළා.

එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් එම සිදුවීම පටිගත කරන විට උරණ වූ ලොරි රථ සහයකයා පොලීසියට තවදුරටත් බැණවැදී මාධ්‍යවේදීන් අසලට පැමිණ සිය මුව ආවරණය ඉවත්කරමින් පවසා ඇත්තේ “මල්ලි, වීඩියෝ කරන්න එපා මම නිරෝෂන් ප්‍රේමරත්න” යනුවෙනුයි.

කෙසේ වෙතත් සිදුවීම පටිගතකල මාධ්‍යවේදියා ඒ මොහොතේ පවසා ඇත්තේ “හරි ඉතිං ඒක අපිට අදාළ නැහැනෙ” ලෙසයි.

පසුව රියදුරාගේ අදාළ ලියකියවිලි පෙන්වීමෙන් අනතුරුව ලොරි රථය පිටත් කිරීමට පොලීසිය කටයුතු කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...