33 C
Colombo
Monday, April 29, 2024

ෆේල් සජිත් ප්‍රේමදාස – නාමල් රාජපක්ෂ

- Advertisement -

කොවිඩ් වසංගතය හමුවේ ජනාධිපතිවරයා දක්ෂ ලෙස පරිපාලනය කරමින් හෝ සිටින බවත් ජනාධිපතිවරණයෙන් සහ මහමැතිවරණයෙන් ෆේල් වී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත.

අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ නොවැම්බර් 14 දින මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

“කිසිසේත් පාස්ද ෆේල්ද කියන්න කාරණයක් නෙවෙයි මේක. එහෙනම් ලෝකෙම ෆේල් කියන්න එපැයි. අඩුගාණෙ අපේ ජනාධිපතිතුමා දක්ෂ විදියට මේක පරිපාලනය කරනවා. අද කොවිඩ් වසංගතය පාලනය කරන ගමන් රට ඇරලා තියන්න එතුමා උත්සාහ කරනවා. ඉතිං පාස් කියන්නෙ රට වහලා තිබ්බොත්ද? දැන් රට වහලා යූඑන්පී එකට ඕනෙ විදියට ආර්ථිකය වට්ටන්න, මිනිස්සුන්ට කන්න නැතිවෙනවා නම්, මිනිස්සු බඩගින්නෙ මැරෙනවා නම් අන්න ගෝඨාභය රාජපක්ෂ පාස් කියයි. මොකද එයාලානේ එතකොට පාස් වෙන්නේ. යූඑන්පී එක තමයි ෆේල්. සම්පූර්ණයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තයලා ෆේල්. ජනාධිපතිවරණෙදිත් ෆේල්, පාර්ලිමේන්තු මැතිවරණයේදිත් ෆේල්, පාර්ලිමේන්තුව ඇතුළෙදිත් ෆේල්.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...