29 C
Colombo
Thursday, May 2, 2024

ඇවන්ගාඩ් නඩුවෙන් නිශ්ශංක සේනාධිපති නිදොස් කොට නිදහස්

- Advertisement -

ගාල්ල වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (21) නියෝග කළා.

ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දීර්ඝ නඩු විභාගයකින් පසුව ඒකමතිකව එම තීන්දුව ලබා දී තිබෙනවා.

නිදොස් කොට නිදහස් කරන ලද සෙසු විත්තිකරුවන් වන්නේ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර, නන්දන දියබලනගේ, නිලුපුල් කොස්තා, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් දිසානායක, ඇල්ප්‍රඩ් තිලකරත්න සහ අදාල නැවේ කපිතාන් ලෙස කටයුතු කළ යුක්රේන ජාතික ගෙනඩි ග්‍රැබ්රි ලෝජ් යන අයයි.

එම නඩුවේ තවත් විත්තිකරුවකු ලෙස නම් කර සිටි පී.බී.ප්‍රේමචන්ද්‍රන් නමැත්තා නඩු විභාගය අතරවාරයේ මියගොස් තිබුණා.

තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා, එම නඩු විභාගයේදී සාක්ෂි ලබාදුන් හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඇවන්ගාඩ් සමාගමට සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබු රක්නා ලංකා සමාගමට රතු මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙනයාම සඳහා අනුමැතිය ලබාදී තිබු බව පැවසුවේ යැයි සඳහන් කළා.

ඒ අනුව ඇවන්ගාඩ් නෞකාව තුළ ගිනිඅවි සහ පතොරම් තබා ගැනීමට අවසර තිබූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා දුන් සාක්ෂිවල සඳහන් කර තිබූ බව පෙන්වා දුන් විනිසුරු පටබැඳිගේ මහතා කෙසේ වෙතත් පරිපාලන පහසුව සඳහා එම ගිනිඅවි සහ පතොරම් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය මඟින් ලිපියක් නිකුත් කර තිබූ බවද පැවසුවා.

එම නෞකාව තුළ ගිනිඅවි සහ පතුරම් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළේ යැයි සඳහන් කරමින් විත්තිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලිපිය නීත්‍යානුකූල ලියවිල්ලක් බවත් එය ව්‍යාජ ලිපියක් නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය සාක්ෂි මඟින් පිළිගෙන තිබූ බව ද විනිසුරුවරයා සිය තීන්දුවෙන් පෙන්වා දුන්නා.

ඒ අනුව අදාළ නෞකාව තුළ ගිනිඅවි සහ පතොරම් ළඟ තබාගැනීමට වලංගු බලපත්‍රයක් තිබූ බව පෙනී යන බවත් එම බලපත්‍රය ව්‍යාජ එකක් බවට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී තිබෙන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළා.

2015 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203,395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා 19 යටතේ අදාළ නඩුව විභාග වුණා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...