26 C
Colombo
Tuesday, April 30, 2024

SSC විවෘත ටෙනිස් තරඟාවලියේ පෝෂණ සහකරු CBL Nutriline

- Advertisement -

අප රටේ ජනප්‍රිය උදෑසන ධාන්‍යමය ආහාරයක් වන CBL Nutriline, 123 වන වරටත් පැවැත්වූ SSC විවෘත ටෙනිස් ශූරතාවලියේ පෝෂණ සහකරු ලෙස බලගැන්විය.

පසුගියදා අවසන් වූ මෙම තරඟාවලිය 2021 වසරේ පැවති පළමු මහා තරඟාවලිය වන අතර ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800කට පමණ වැඩි පිරිසක් සහභාගී විය. SSC හි ටෙනිස් කමිටුව විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය, ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ අධීක්ෂණය යටතේ 2021 පෙබරවාරි 19 සිට මාර්තු 7 දක්වා SSC ටෙනිස් පිටියේදී පැවැත්විණි.

පෝෂණීය උදෑසන ආහාරයක ඇති වැදගත්කම නිරතුරුව කතාකරන CBL Nutriline ධාන්‍ය වර්ග රැසකින් සමන්විතවන අතර එය රසවත් හා පෝෂණීය නිෂ්පාදනයකි. කෘතිම රසකාරක, වර්ණක හෝ කල් තබා ගන්නා ද්‍රව්‍ය කිසිවක් භාවිතයෙන් තොරව නිෂ්පාදනය වන CBL Nutriline උදෑසන ආහාරයක තිබිය යුතු පෝෂණීය කොටස් බොහෝමයක් අපට ලබා දේ.

මේ පිළිබඳව CBL ආහාර අංශයේ ප්‍රධාන විධායක නිලධාරී තිලන්ක ද සොයිසා මහතා පවසා සිටියේ “විශේෂයෙන්ම   ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෝෂණය කියන්නේ අත්‍යාවශ්‍ය දෙයක්. CBL Nutriline මෙම තරඟාවලියේ පෝෂණ සහකරු ලෙස අනුග්‍රාහකත්වය සැපයුවේ ඔවුන් දිරිගන්වා ඔවුන්ගේ ගමන ශක්තිමත් කිරීමේ අදහසිනි”.

මෙම තරඟාවලිය කාණ්ඩ තුනක් යටතේ කණිෂ්ඨ, විවෘත හා ජ්‍යෙෂ්ඨ යන අංශවලින් පැවැත්විය. සමස්ත කාන්තා කේවල අංශයේ ජයග්‍රාහිකාව ලෙස සවිනි ජයසූරිය සම්මාන දිනාගත් අතර සමස්ත පිරිමි කේවල ඉසව්වේ ජයග්‍රාහකයා ලෙස ලූකා ක්නීස් සම්මාන ලැබීය.

මෙම තරඟාවලියේ පෝෂණ සහකරු ලෙස අනුග්‍රාහකත්වය දැක්වූ CBL Nutriline විසින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෝෂණීය ආහාරයක ඇති වැදගත්කම සහ හොඳ ආහාර පුරුදු පිළිබඳව දැනුම්වත් කිරීමද සිදු කරන ලදී.

මේ පිළිබඳව අදහස් දක්වමින් CBL ආහාර අංශයේ අලෙවි සාමාන්‍යාධිකාරී ජයංග පෙරේරා මහතා පවසා සිටියේ ”ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක බවින් දරුවන් කැමතිම රස රැසකින් නිෂ්පාදනය වන CBL Nutriline දරුවන්ගේ හැකියාව ඔප්නැංවිම සඳහා කවදත් අත හිත දෙන දේශීය සන්නාමයකි. ‘CBL Nutriline පොඩි වැඩ්ඩන්ට’ යන මෙම සන්නාම ප්‍රවර්ධන තේමාව යටතේ පවා අපගේ ප්‍රජාවන් තුළ හොඳ පෝෂණ පුරුදු ඇති කරවයි”.

CBL Nutriline උදෑසන ධාන්‍යමය ආහාරය චෝකෝ ග්‍රේන්ස් (Choco Grains) චොකෝ බ්ලොබ්ස් (Choco Blobs), චොකෝ චිප්ස් (Choco Chips) සහ හනී බී (Honey Bee) ලෙස වෙළඳපොළෙන් ලබා ගත හැකිය. Convenince Foods (Lanka) PLC ආයතනය විසින් නිෂ්පාදනය කරන CBL Nutriline ශ්‍රී ලංකාවේ ප්‍රධානතම FMCG ආයතනයක් වන CBL සමූහයේ සන්නාමයකි.

CBL සමාගම තම නිෂ්පාදන තුළින් පාරිභෝගික විශ්වාසය දිනා සිටින අතර වෙළඳපොළ ප්‍රමුඛයා ලෙසද කටයුතු කරයි. දේශීය සමාගමක් ලෙස CBL සමූහය වසර ගණනාවක් පුරාවට තම සියලු ගණුදෙනු කරුවන් හා පාර්ශවකරුවන් කෙරෙහි දක්වන සැලකිලිමත්භාවය හේතුවෙන් ඔවුන්ගේ මහත් ගෞරවාදරයටද පත්ව තිබේ.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...