32 C
Colombo
Saturday, May 4, 2024

දෙමළ භාෂාව වෙනුවට චීන භාෂාවෙන් ලියූ නීතිපති දෙපාර්තමේන්තුවේ පුස්තකාල ඵලකය ගලවා දමයි

- Advertisement -

ආන්දෝලනයට තුඩුදී ඇති නව නීතිපති දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ ඉලෙක්ට්‍රොනික පුස්තකාලයෙහි සමරු ඵලකය ඉවත්කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කල බව නීතිපති මාධ්‍ය ප්‍රකාශිකා රජයේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සදහන් කරනවා.

ඇය සඳහන් කරන්නේ ඒ වෙනුවට දෙමළ භාෂාව සහිත නව ඵලකයක් එම ස්ථානයෙහි ඉදිකිරීමට කටයුතු කරන බවයි.

පසුගියදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නීතිපති දෙපාර්තමේනතුවේ නව ගොඩනැගිල්ල විවෘත කර තිබුණා.

එම ගොඩනැගිල්ලේ සමරු ඵලකය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් තිබුණද ඉලෙක්ට්‍රොනික පුස්තකාලයේ සමරු ඵලකය සිංහල, ඉංග්‍රීසි හා චීන භාෂාවෙන් ඉදිකර තිබුණා.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් මහතා විසින් එය විවෘත කෙරුණා.


වැඩිදුර කියවන්න,

RECENT ARTICLES - SINHALA

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

මං ගැන බොරු කියපු අයට ඔන්ලයින් පනතෙන් පැමිණිලි දානවා – හරීන්

තමා සම්බන්ධයෙන් පළ කර ඇති අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව මාර්ගගත ආරක්ෂණ පනත මඟින් පියවර ගන්නා ලෙස ඉල්ලමින් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයා...

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...