32 C
Colombo
Monday, April 29, 2024

දඹුල්ල නගරාධිපති කොවිඩ් ආසාදිතයෙකුගේ නිවසක සිට Photoshoot එකක් කරලා

- Advertisement -

දැඩි කොවිඩ් අවධානමක් පවතින අවස්ථාවක දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් සිදුකල අපූරු ඡායාරූප දැක්මක් පිළිබදව තොරතුරු වාර්තා වනවා.

ඒ අනුව පසුගියදා දඹුල්ල – තිත්තවැල්ගොල්ල ප්‍රදේශයෙන් හමුවූ කොවිඩ් ආසාදිතව නිරෝධායනයට ලක්කර සිටින පුද්ගලයෙකුගේ නිවසට ඔහුගේ දුක සැප බැලීමට යැයි පවසමින් නගරාධිපතිවරයා ගොස් තිබෙනවා.

එම අවස්ථාවට කිසිදු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, නගර සභාවේ වෛද්‍යවරයෙකු සම්බන්ධ කර නොගෙන නගරාධිපතිවරයා අදාළ නිවසට ගොස් තිබීම විශේෂත්වයක්.

නගරාධිපති ජාලිය ඕපාත මහතා, නගර සභාවේ සේවකයන් කිහිපදෙනෙකු හා කැමරාකරුවන් සහභාගී කරගනිමින් මෙම නිවස ඉදිරිපිට සිට ආරක්ෂිත ඇදුම් කට්ටලය අදින අවස්ථාව, සපත්තු විෂබීජහරණය කරන අවස්ථාව, පිරිස සමඟ ගමන් කරන අවස්ථාව යනාදී වශයෙන් විවිධාකාරයෙන් ඡායාරූප රැගෙන තිබෙනවා.

අනතුරුව නිරෝධායනයට ලක්කර තිබෙන නිවසටද ගොස් එහි සිටින පුද්ගලයින් සමගින් කතා බහ කරමින් විවිධ කොණයන්ගෙන් ඡායාරූප රැගෙන ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ පලකිරීමට කටයුතු කර තිබුණා.

මෙහි හාස්‍යජනකම දෙය නම් නගරාධිපතිවරයා පිරිවරාගෙන යන පුද්ගලයින් කිසිවෙකුටත් මුව ආවරණය හැරෙන්නට කිසිදු සෞඛ්‍යාරක්ෂිත ඇදුමක් නොමැතිවීමයි.

දඹුල්ල නගර සභා බල ප්‍රදේශයෙ වසම් 13න් පමණක් රොගින් 454ක් මේවන විට සොයා ගෙන ඇති අතර අප්‍රේල් 22න් පසු දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේන් නිල වාර්තා අනුව රොගින් 308 දෙනෙකු සොයාගෙන ඇති අතර මරණ තුනක් සිදු වි ඇත

දඹුල්ල නගර සභා බල ප්‍රදේශයෙ වසම් 13 න් පමණක් කොවිඩ් ආසාදිත රොගින් 454 ක් මේවන විට සොයා ගෙන තිබෙනවා.

අප්‍රේල් 22 න් පසු දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ නිල වාර්තා අනුව රොගින් 308 දෙනෙකු සොයාගෙන ඇති අතර මරණ තුනක් සිදු වි ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් පළමු රැල්ල පැවති අවස්ථාවේදී එහි අවධානමද නොතකා දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පාපැදි සවාරියක් සංවිධානය කිරීම හා ඊට සහභාගිවීම සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩිව අවවාද කර මුදාහැරුණා.

මීට අමතරව දඹුල්ල – කණ්ඩලම රක්ෂිතයේ අනවසරයෙන් බොරලූ කැපීමේ චෝදනාව මත නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව කලක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා.

RECENT ARTICLES - SINHALA

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...