29 C
Colombo
Sunday, May 5, 2024

කොරෝනා මැද ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට සූදානම්

- Advertisement -

කොවිඩ්19 වසංගතය හේතුවෙන් කල්දැමූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සත්කාරක රට තුළ විරෝධතා නොතකා පැවැත්වීමට ක්‍රීඩා සංවිධායකයින් සියලු කටයුතු සූදානම් කර ඇති බව නවතම විදෙස් තතු ගෙන හැර දක්වයි .

ජපානයේ මාධ්‍ය වාර්තා වලට අනුව ඔලිම්පික් නිලධාරින් ,මාධ්‍යවේදී න් සහ සහායක කාර්‍ය මණ්ඩලය 80,000 කට ආසන්න සංඛ්‍යාවක් ජූලි මාසයේදී ටෝකියෝවට පැමිණෙනු ඇත .

ඒ කොරෝනා වසංගතය නිසා කල් දැමීමට පෙර අපේක්ෂා කල සංඛ්‍යාවෙන් අඩක් පමණ වන අතර සංවිධායකයන් ඔවුන්ගේ නියෝජනයන්ගේ ප්‍රමාණය අඩු කරන ලෙස ජාතික ඔලිම්පික් කමිටු සහ ක්‍රීඩා සම්මේලන වලින් ඉල්ලා සිටීමෙන් පසුව මෙලෙස පැමිණීමට නියමිතය.

ටෝකියෝ 2020 හි ප්‍රධාන විධායක ටොෂිරෝ මූටෝ (Toshiro Muto) පවසන්නේ ,නරඹන්නන්ගේ සංඛ්‍යාව 90,000 ට වඩා අඩු මට්ටමක තබා ඇති බවත් එය තවදුරටත් අඩු කළ හැකි බවයි.

කෙසේවෙතත් මෙමගින් සංවිධායකින් සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) , ජපානයේ මහජනතාවට සහතික කිරීමට උත්සහා කරන්නේ ඔලිම්පික් උළෙල ආරක්ෂිතව තබා ගැනීමට බව විචාරකයන් පවසයි .

ජූලි 23 වන දින ක්‍රීඩා උළෙල ආරම්භ වනවිට මලල ක්‍රීඩක ගම්මානයේ රැදී සිටින පුද්ගලයන්ගෙන් 80% කට වැඩි පිරිසකට එන්නත් ලබාදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව IOC සභාපති තෝමස් බැච් (Thomas Bach) පසුගිය දිනක මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලදී .

තවද ඔලිම්පික් ගම්මාන ආරක්ෂිත ස්ථාන වන අතර ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා ආරක්ෂිත ආකාරයෙන් සංවිධානය කරනු බව ඔහු තවදුරටත් පවසයි .

කෙසේවෙතත් පසුගිය සතිදෙක තුල මාර්ගගත ක්‍රමයෙන් (Online ) අත්සන් 375,000 කට වැඩි පිරිසක් විසින් ඔලිම්පික් උළෙල පැවැත්වී පිළිබඳ විරෝධතා දක්වා ඇති අතර මේවන විටත් මධ්‍යම ටෝකියෝහි ජනතාව වීදී විරෝධතා පවත්වමින් සිටින බව වාර්තා වේ .

ඔලිම්පික් උළෙල අවලංගු කිරීමට පක්ෂව ජපානයේ වෛද්‍යවරු 6,000ක් නියෝජනය කරන සංවිධානයක් නායකත්වය දෙමින් කියා සිටින්නේ ක්‍රීඩා උලෙළ නතර කිරීම “නිවැරදි තේරීමක්” වන බවයි.

නැතහොත් කොරෝනා ආසාදිතයන් හා කොරෝනා මරණ සංඛ්‍යාව වැඩිවීමට ක්‍රීඩා උළෙල හේතුවක් විය හැකි බවට අනතුරු අගවයි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ෆයිසර් /බයෝ එන්ටෙක් (Pifzer/BioNTech)එන්නත් නිශ්පාදන සමාගම අතර ඇති කරගත් එකගතාවයකින් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත එන්නත් ලබා දී ඇති අතර ජපානයේ මිලියන 126 ක ජනතාවගෙන් 3.7% කට අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් එන්නත් කරණය සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...