25 C
Colombo
Wednesday, May 1, 2024

නැවෙන් වෙරළට ආ භාණ්ඩ එක්රැස් කළ අය අත්අඩංගුවට

- Advertisement -

ගිනිගෙන විනාශවන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී වෙරළට ගොඩ ගසා තිබූ භාණ්ඩ එකතු කළ පුද්ලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.

පමුණුගමුව, දුන්ගල්පිටිය, මීගමුව සහ කොච්චිකඩේ යන වෙරළ ආශ්‍රිත ප්‍රදේශන්වල පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ නැවෙන් වෙරළට ගසාගෙනවිත් එකතු කරන ලද භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටියදී ලොරි රථයක් ද එහිදී පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධ ලැබී ඇති වීඩියෝ දර්ශන අධ්‍යයනය කරමින් තවදුරටත් අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

CID ලෙස පෙනී සිට කෝටියක අල්ලස් ගත් 4දෙනා රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කොල්ලුපිටියේදී රුපියල් කෝටියක අල්ලසක් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...

විදෙස් ශ්‍රමිකයන්ට ලබාදුන් වාහන ආනයන බලපත්‍ර ගැන තීරණයක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කිසිදු විනිවිඳභාවයක් නොමැති බව මුදල් පිළිබඳ කාරක සභාව පවසනවා. ඒ, සම්බන්ධයෙන්...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

සජබේ වේදිකාවක් නිසා කොළඹ කොටුවේ දැඩි රථවාහන තදබදයක්

හෙට (01) දින යෙදී ඇති මැයි දිනයට සමගාමීව සමඟි ජන බලවේගය විසින් සංවිධානය කර ඇති උත්සවයක වේදිකාවක් තැනීම සඳහා කොළඹ චැතම් වීදියේ, ටෙලිකොම් ආයතනය...

Breaking: ඉන්ධන මිල පහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා. ඒ අනුව අඩු වූ මිල සහ...