33 C
Colombo
Thursday, May 2, 2024

ඉන්දියාව සහ කටාර් රාජ්‍ය ඇතුල්වීමට අවසර නොලත් නැව කොළඹටම ඇවිත් ගිනි ගත්තේ කොහොමද?

- Advertisement -

ආන්දෝලනයට තුඩුදී තිබෙන X-Press Pearl නෞකාව තම වරායන්වලට ඇතුළු කර ගැනීම රටවල් දෙකක් විසින්ම ප්‍රතික්ෂේප කර ඇතිබවට මේ වන විට අනාවරණය වී තිබෙනවා.

නාවික පුවත් වාර්තාකරණයේ යෙදෙන www.splash247.com නමැති ජනප්‍රිය ජාත්‍යන්තර වෙබ් අඩවිය වාර්තා කරන්නේ එවැනි තත්ත්වයක් තුළදි ශ්‍රී ලංකා වරායට අදාළ නෞකාව ඇතුළු කිරිමට අවසර හිමිවී ඇති බවයි.

මේ වන විට කොළඹ වරාය ආසන්නගේ ගිනිගෙන පුපරායමින් තිබෙන එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය කාන්දුවීමක් පිළිබදව නැව අරාබි මුහුදේ තිබියදී වාර්තාවී තිබෙන බව X-Press Feeders හි සිංගප්පුරුවේ සාමාන්‍යාධිකාරී ටිම් හර්ට්නොල් මහතා මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

“ලංකාවට නාවික සැතපුම් දහස් ගණනකට කලින්, හරියටම කියනවා නම් අරාබි මුහුද ප්‍රදේශයේදී නැවේ කාර්යමණ්ඩලය වාර්තා කරලා තිබූනා යම් සාන්ද්‍ර අම්ල කාන්දුවක් සිදුවන බව. නැවේ ඩෙක් තට්ටුව මත ගබඩා කර තිබුණු කන්ටේනර් වලින් තමයි මෙය වාර්තා වෙලා තිබුනේ. මේක සම්පුර්ණයෙන්ම ඉතා අපරික්ෂාකාරී සහ ලාභදායි ඇසුරුම් ක්‍රම භාවිත කිරීම නිසා ඇති වූ තත්වයක්. ඉතින් මේ කාන්දු වීම දැකපු නැවේ කපිතාන්වරයා, වරායන් දෙකකින්ම අවසර ඉල්ලල තිබුණා මේ කාන්දු වීම සහිත බහාලුම් ගොඩබාන්න ඉඩ දෙන්න කියලා. නමුත්, ඔවුන් මේවා ගොඩබාන්න තියා වරායට ඇතුළු වෙන්නවත් අවසර දීල තිබුනේ නෑ. ඉන්දියාවේ බටහිර වෙරල තිරයේ පිහිටි හසිරා සහ කටාර් රාජ්‍යයේ හමාඩ් තමයි මේ වරායවල් දෙක.”

තවදුරටත් මේ වෙබ් අඩවිය වාර්තා කරන්නේ, මේ වන විට නැවේ හිමිකරුවන් විසින් ලන්ඩන් P & I රක්ෂණ සංගමය මේ අනතුරෙන් පසුව මේ නැව සම්පුර්ණ හානියකට (A Total Loss) පත්වූ බව පිළිගනු ඇති බවට දැඩි විශ්වාසයෙන් කටයුතු කරන බවයි.

www.splash247.com වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට රටවල් දෙකකින් ඇතුළුවීම ප්‍රතික්ෂේප වුනු මේ නැවට කොළඹ වරාය ආසන්නයටම ඇතුල් වීමට අවසර දුන්නේ කවුදැයි මේ වන විටත් හදුනාගෙන නැහැ.

කෙසේ වෙතත් ගින්න වාර්තා වී දිනකට පසු වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුනේ නෞකාවේ ගින්න තම උපදෙස් පරිදි සම්පූර්ණයෙන්ම පාලනය කල බවයි.

RECENT ARTICLES - SINHALA

එරික් සෝල්හයිම් යාපනයේ කඬොලාන බලන්න යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ උපදේශක සහ හිටපු නෝර්වේ විදේශ කටයුතු අමාත්‍ය එරික් සෝල්හයිම් මහතා ඊයේ (01) යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන...

යාපනයේ රෝහලක් අසලින් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

යාපනය - පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරනවා. ඒ අනුව එම ස්ථානයේ කැණීම් කටයුතු අද (02) නිල...

විවාදෙට එන්නේ නැත්තේ හරි සැලැස්මක් නැති නිසා – හර්ෂ

මෙරට ආර්ථිකට ගොඩ නැඟීම සඳහා යථාර්තවාදී වැඩපිළිවෙළක් ඇත්තේ සමඟි ජන බලවේගයට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. සමඟි ජන බලවේගයේ මැයි දින...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...