31 C
Colombo
Tuesday, April 30, 2024

වැරදිම හොයන්න එපා. නැව් දහස් ගණන් කොහොමත් ගිනි ගන්නවා – රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා (වීඩියෝ)

- Advertisement -

කොළඹ වරායට ආසන්නයේ නෞකාවක් ගිනි ගැනීම සම්බන්දයෙන් වැරදිම පමණක් නොසොයන ලෙස නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා.

ගිනිගෙන විනාශවන X-Press Pearl නෞකාව හේතුවෙන් වෙරළට සිදුව ඇති හානිය නිරීක්ෂණය කිරීම සඳහා මීගමු වෙරළ තීරයේ සිදුකරන ලද සංචාරයක් අතරතුරදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකළා.

වරායන් දෙකකින් අදාළ නෞකාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්දයෙන් පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ සමාජ මාධ්‍යවල සඳහන් කරුණු පිළිබදව විශ්වාස කල නොහැකි බවත් ඒ පිළිබදව සාක්ෂි නොමැති බවත්ය.

එම නෞකාවේ බහාලුම් 12 ක් කොළඹ වරායට ගොඩබෑමට තිබූ බවත් ඒ අතරතුර මෙම ගිනි ගැනීම සිදුව ඇති බවත් නාලක ගොඩහේවා මහතා පෙන්වා දෙනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් නාලක ගොඩහේවා මහතා සදහන් කළේ මෙම සිදුවීමට වගකිවයුත්තේ නෞකාව අයත් සමාගම බැවින් ඔවුන්ගෙන් වන්දි ලබාගැනීමට කටයුතු කරන බවයි.


RECENT ARTICLES - SINHALA

රතුපස්වල තීන්දුව අද

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ...

පාඨලී CID යට

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මීට සුළුවෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. රත්නපුර ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්වීමක දී...

අරක්කු සමාගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්

කඩුවෙල - රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා ඊයේ (29)...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ පන්ජාබ් කිංග්ස්

පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑමේ වාර්තාව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තමන් සතු කර ගත්තා. ඒ, ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස...