27.9 C
Colombo
Tuesday, April 30, 2024

බස් එකේ එන මන්ත්‍රීවරුත් ඉන්නවා..! ; එයාලට වාහන අවශ්‍යයි – වසන්ත යාපා

- Advertisement -

නවක මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීමට කැබිනට් මණ්ඩලයට ‍යෝජනාවක් ඉදිරිපත් වූයේ නවක මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් අනුව නොවන බව මහනුවර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා. මීට පෙර ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අදහසකට අනුව මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් වන්නට ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

සමස්ත රටේම ජනතාව විශාල පීඩාවකට පත්ව සිටින මෙවැනි අවස්ථාවක එවැනි වරප්‍රසාද ලබා ගැනීමට නවක මන්ත්‍රීවරුන්ට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, රට වෙනුවෙන් ජනතාවටත් වඩා ‍දේශපාලනඥයන් කැපකිරීම් සිදුකළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

කෙසේ නමුත් ඇතැම් නවක මන්ත්‍රීවරුන් නිළ වාහනයක් නොමැති නිසා ඇතැම් අවස්ථාවලදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බව පෙන්වා දෙන වසන්ත යාපා බණ්ඩාර මහතා සඳහන් කරන්නෙ බස් රථවලින් ගමන් ගන්නා මන්ත්‍රීවරුන්ද සිටින බවයි. මේ නිසා එවැනි මහජන නියෝජිතයන් වෙනුවෙන් සාධාරණය ඉටුවිය යුතු බවත්, දැනට රජය සතු වාහන හෝ ඔවුන් වෙනුවෙන් ලබාදීම සාධාරණ බවත් ඔහු පවසනවා.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...