27 C
Colombo
Monday, April 29, 2024

ගිනිගනිමින් තිබුණ නැව ගෙන්නගත්තේ චීනගේ වුවමනාවටද?

- Advertisement -

නැවේ අනතුර සමඟ බටහිර සමුද්‍ර කලාපය අල්ලා ගැනීම සඳහා ධීවරයින් පන්නා දමා,වද භූමියක් කර,ජීවීන් විනාශ කර චීනය ඇතුළු සමාගම් වෙත අල්ලා ගැනීමට අදාළව සැලසුම් සකස් කළාද යන සාධාරණ සැකයක් මතුව තිබෙන බව එක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා.

ඒ, අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

පොර්ට් සිටියෙන් ආරම්භ වූ ඉඩම් අල්ලා ගැනීමේ ක්‍රියාවලිය කොළඹ මර්මස්ථාන අහිමි වීම දක්වා දීර්ඝ වී තිබෙන බවයි ඔහු පවසන්නේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

”දවසින් දවස මිනිස්සු මර බියේ ජීවත් වෙන්නේ. මිනිස්සුන්ව ගෙවල්වලට හිරකරලා තියෙන්නේ මිනිස්සුන්ට තියෙන ආදරයට නෙවෙයි. තියෙන ප්‍රශ්න හමුවේ ජනතාව පාරට බහින්න නියමිතයි කියන සංඥාව ඊයේ පියතුමාන්ලා දුන්නා. කිව්ව ගමන් සතියක් ලොක්ඩවුන් එක දිග්කලා. හොරාට කලින් කෙහෙල්කන වැට පැන්නා. ඒ නිසා තමයි අපට බරපතල සැකයක් තියෙන්නේ මේ කොරෝනාව දැන් යොදාගෙන තියෙන්නේ ජනතාව ආරක්ෂා කරන්න නෙවෙයි. ජනතාවගෙන් ආණ්ඩුව ආරක්ෂා කරගන්න.

අපේ බටහිර මුහුදට වෙච්ච මහ විනාශය ගැන සැකයක් තියෙන්නේ ඒ නිසා. රටවල් දෙකක් ප්‍රතික්ෂේප කරපු නෞකාවක් කොහොමද ඇතුල් වුණේ. නෞකාවේ ගින්නක් තිබෙන බව ඒ සමාගම සමාජ මධ්‍යයේ පළකරලා තිබෙනවා. එතකොට මේවා දැක්කේ නැද්ද? අපේ මුහුදු සීමාවට ඇතුල් වෙද්දී ගිනිගනිමින් තිබුණ නෞකාවක් මේ කියන විදිහට. ඇයි මේකට එන්න ඉඩ දුන්නේ. කවුද මේ තීරණය ගත්තේ. ඒ නිසා තමයි බරපතල සැකයක් ඇති වෙන්නේ මේක සැලසුම් සහගත දෙයක්ද කියලා.”

මේ ගිනි ගැනීමෙන් පසු අපගේ බටහිර මුහුද ගොළු මුහුදක් වීමට නියමිත බව චමීර පෙරේරා මහතා පෙන්වාදෙනවා.

සාගර කලාපයට සිදුව ඇති හානිය යළි ගොඩනගන්න තව වසර 50ක් පමණ යන අතර එවැනි තත්ත්වයකදී බටහිර මුහුදු කලාපය නිසරු කලාපයක් බවට පත්කර පහසුවෙන් අත්පත්කරගැනීමට හැකිවන බවයි ඔහු පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

හත්දහසකට හිමිවු පොදු සමාව

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයින් 7,000කට අධික පිරිසක් පොදු සමා කාලයේ පළමු සතිය තුළ ඉවත් කර තිබෙනවා. අප්‍රේල් මස 20...

සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සංවර්ධන නිලධාරීන් හෙට (29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට තීරණය කර තිබෙනවා. අද (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

EPF ගැන රජය හදිසියේම ගත් තීරණය

සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 9 සිට සියයට 13 ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුපිරි ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ පළමු තරගයේ ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (24) සමත්වුණා. ඒ ලකුණු 67කින් තායිලන්ත...