28 C
Colombo
Friday, May 3, 2024

සරත් වීරසේක‍ර පියුමි හංසමාලිගෙන් ලැබුණු දුරකථන ඇමතුම ගැන පැහැදිළි කරයි

- Advertisement -

ෂැංග්‍රිලා හෝටලයේ සාදයක් පැවැත්වීම නිසා අත් අඩංගුවට පත්ව ඇප මත නිදස් වූ පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනය වෙත ගෙනයාමේදී තමන් දුරකථන ඇමතුමක් ලබා දී බස් රථය ආපසු හරවන්නැයි පැවසූ බවට පළවන පුවත් අසත්‍ය බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පවසන්නේ පියුමි හංසමාලි විසින් දුරකථන ඇමතුමක් ලබා දී නිරෝධායනය වීමට අවශ්‍ය ඇඳුම් පවා නොමැති පිරිසක් සිටින බව පැවසූ බවත් චන්දිමාල් ජයසිංහ විසින් මෙය තහවුරු කළ බවත් ය. එබැවින්, එම පිරිසට තම ඇඳුම් ගෙන්වා ගැනීමට පමණක් අවස්ථාවක් ලබා දීමට උපදෙස් දුන් බවයි ඒ මහතා පවසන්නේ.

මෙය ජන ගැටළුවකට සවන්දීමක් පමණක් බවත් ඇතැම් පිරිස් ද්වේෂසහගතව ව්‍යාජ පුවත් මවා ඇති බවත් එම ලිපියෙහි දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...