33 C
Colombo
Thursday, May 2, 2024

එන්නත්කරණ තදබදය මඟහැරීමට නාමල් ඇමතිවරුන්ට උපදෙස් දෙයි

- Advertisement -

කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සහ වේගවත්ව ඉදිරියට ගෙනයාම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පෙරේදා (03) අරලියගහ මන්දිරයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

May be an image of 2 people, people standing, people sitting and indoor

කොළඹ නගර සීමාව තුළ එන්නත මඟහැරෙන පුද්ගලයින් සඳහා අලුතින් එන්නත් මධ්‍යස්ථාන පහක් පිහිටුවීමටත් එම මධ්‍යස්ථාන රාත්‍රී 10.00 තෙක් විවෘතව තැබීමටත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එහිදී යෝජනා කර තිබේ.

කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමේදී උද්ගතවූ තත්වයන් පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරුන්ට කරුණු පැහැදිලි කළ ඒ මහතා ජුනි 08 වනදා සිට සයිනොෆාම් දෙවැනි මාත්‍රාව ලබාදෙන බවත් පළමු වතාවේ ඇතිවූ අඩුපාඩු සකස් කරගනිමින් මෙය ක්‍රියාත්මක කළයුතු අතර ඒ සඳහා රාජ්‍ය සහ දේශපාලන යාන්ත්‍රණයට සහයෝගය දැක්වීම සඳහා ක්‍රියාකළ යුත්තේ කෙසේදැයි රාජ්‍ය අමාත්‍යවරුන් සාකච්ඡා කළයුතු බවත් පෙන්වා දී ඇත.

May be an image of one or more people, people standing, people sitting and indoor

එන්නත් ලබාගැනීමට එන පිරිස් කළමනාකරණය සඳහා යෞවන සමාජ සාමාජිකයින් යොදවාගත හැකි බවත් ජනතාවට එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණ කෙටි වේලාවකින් එන්නත ලබාගත හැකි අයුරින් කෙටි පණිවිඩ හරහා පැමිණීමේ ක්‍රියාවලිය විධිමත්ව සැලසුම් කළයුතු බවත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත හැකි දිනයන් මාධ්‍ය මගින් දැනුම් දීමට කටයුතු කළයුතු බවත් නාමල් රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

May be an image of 2 people, people standing, people sitting and indoor

RECENT ARTICLES - SINHALA

කෝටියක අල්ලස් ගැනීමේ සිද්ධියට සැරයන්වරයෙක් අත්අඩංගුවට

කොල්ලුපිටිය ප්‍රදේශයේදී කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිදුවීමට අදාළව පොලිස් සැරයන්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට...

නීතිවේදීන් පහකට ජනාධිපති බහුමාන ප්‍රදානය කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබෙනවා. ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්,...

තවත් පිරමීඩ ආයතන කිහිපයක් ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

තවත් තහනම් පිරමිඩ ආයතන කිහිපයක් පිළිබඳව මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Beecoin App/Sunbird Foundation, Isimaga International (Pvt) Ltd, Fast Win (Pvt) Ltd, Ledger...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...