29 C
Colombo
Sunday, May 5, 2024

සීයට 94ක් සාර්ථක එන්නත දැන්ම ලෝකෙට දෙන්නෑලු

- Advertisement -

කොරෝනා වෛරස් එන්නතක් සඳහා වන තරගයේ ඉදිරිපෙළ තරගකරුවෙක් වන ඇමෙරිකාවේ මොඩෙනා නම් ආයතනය නිපදවූ එන්නත තුන්වැනි අදියරේ පරීක්ෂණවලදී සීයට 94.5ක සාර්ථකත්වයක් ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ආසාදිතයන් 30,000ක් පමණ යොදාගනිමින් එන්නතේ මූලික අදියරේ පරීක්ෂණ කර තිබුණා.

නොවැම්බර් 16 වැනි සඳුදා එන්නත පිළිබඳ නිකුත් කරන ලදි මූලික වාර්තාවක ඒ බව සඳහන් වී තිබෙනවා. එන්නත පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී හෙලිවනු ඇති. මොඩෙනා ආයතනය නිල වශයෙන් නිවේදනය කරමින් කියා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘එෆ්ඩීඒ’ හෙවත් ආහාර හා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතතිය සඳහා එන්නත ඉදිරිපත් කරන බව. ඒ අනුව හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා මොඩෙනා ආයතනයේ එන්නත මහා පරිමාණයෙන් නිපදවනු ඇති.

ඒ අනුව සීයට අනූවට වැඩි සාර්ථකත්වයක් තුන්වැනි අදියරේදී ලැබූ දෙවැනි එන්නත බවට එය පත්වෙනවා. පසුගිය සතියේ ප්ෆිසර් නම් ආයතනයේ එන්නත සීයට අනූවට වැඩි සාර්ථකත්වයක් ලබා ඇතැයි වාර්තා වුණා. ඒ 43,000 පමණ පිරිසක් යොදාගනිමින් කළ පරීක්ෂන අනුව. එම පරීක්ෂණයේදී හෙළි වී තිබුණේ සීයට 50කගේ පමණ කොවිඩ්-19 ආසාධිත තත්වය ඉතා වේගයෙන් අඩු වූ බව. එන්නත සොයාගත්තා යැයි නොනිල වශයෙන් කිව හැකි තත්වයට ඒ අනුව විද්‍යාඥයන් පැමිණියා. දැන් ලෝකයේ සැම රටක්ම පාහේ එන්නත මිලදී ගැනීම සහ බෙදාහැරීම පිළිබඳ සැකසුම් සකසන්නේ ඒ නිසායි.

මොඩෙනා ආයතනයේ එන්නත සාර්ථක වීම මෙම තත්වය වඩාත් පහසු කරනු ඇති. වඩාත් වේගවත්ව කොවිඩ් මැඩීමේ හැකියාව ඒ අනුව ලැබේවි.

පසුගිය මාස කිහිපයක් තිස්සේ මොඩෙනා ආයතනයේ එන්නත වඩාත් සාර්ථක එකක් වනු ඇති බවත්, එය කොවිඩ්-19 සඳහා සුදුසුම එන්නත වනු ඇති බවත් විද්‍යාඥයන් බලාපොරොත්තු තබා සිටියා.

තවත් කාරණාවක් තිබෙනවා. ජර්මානු සම්භවයක් ඇති ප්ෆිසර් ආයතනයේ එන්නත 2020 අගදි ලෝකය පුරා බෙදාහැරීම ආරම්භ කරන්නටත්, 2021 බිලියනයකටත් වඩා නිපදවා ලෝකය පුරා බෙදාහරින්නටත් සැලසුම් කර සිටිනවා.

එහෙත් ඇමෙරිකානු මොඩෙනා සමාගගම 2020 අන්තිම මාස දෙකේදී එන්නත මහා පරිමණයෙන් නිපදවීම ආරම්භ කළත්, එය ලොවපුරා බෙදා හරින්නේ නැහැලු. ඇමෙරිකාවට මුලින් යන ප්‍රතිපත්තිය අනුව ඔවුන් කටයුතු කරනවාලු. ඒ අනුව මේ වසරේ අග එන්නත් මිලියන 20ක් පමණ මහා පරිමාණයෙන් නිපදවා, එය ඇමෙරිකානුවන්ට ලබාදෙන්නට බලාපොරොත්තු වෙනවා. 2021 දී එන්නත මිලියන 500ක් සහ බිලියන 1ක් අතර ප්‍රමාණයක් නිපදවා ලොව පුරා බෙදාහරින්නට බලාපොරොත්තු වන බව කියනවා. එම එන්නත ලබාගන්නට ජපානය, කැනඩාව, ස්විට්සර්ලන්තතය, කටාර් සහ ඊශ්‍රායලය දැනටමත් ගිවිසුම් අත්සන් කර තිබෙන බව කියනවා. යුරෝපා සංගමයද මේ වන විට එය මිලදී ගැනීමට සාකච්ඡඡා කරමින් සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...