31 C
Colombo
Saturday, May 4, 2024

ලංකාවට බේරූට්වලින් චොකලට් කම්හලක් එයි

- Advertisement -

ශ්‍රී ලංකාවේ චොකලට් කර්මාන්තායතනයක් ආරම්භ කීරිම සඳහා ඇති හැකියාව සොයා බැලීමට බේරූට් හා මවුන්ට් ලෙබනන්හි වානිජ්‍ය හා කෘෂිකර්ම මණ්ඩලයේ සභාපති මොහොමඩ් චෞකෙයාර් මහතාගේ අවධානය යොමුව ඇත.

ලෙබනනයේ බේරූට් හි ශ්‍රී ලංකා තානාපතිවරිය මොහොමඩ් චෞකෙයාර් මහතා හමු වී කළ සාකච්ඡාවකදී මේ බව පවසා ඇත.

ලෙබනනයේ හිටපු විදුලි සංදේශ අමාත්‍යවරයකුද වන මොහොමඩ් චෞකෙයාර් මහතා, අනාගත ආයෝජන සම්බන්ධයෙන් බලපෑම් කළ හැකි අයෙකු ලෙස පිළිගැනේ.

ලොව පුරා ඉතා සාර්ථක චොකලට් කර්මාන්තයක් පවත්වාගෙන යන සභාපති චෞකෙයාර් මහතා, හැරෝඩ්ස් සමාගමෙහි සැපයුම්කරුවෙකු වන අතර, ලොව පුරා අලෙවිසැල් 1000 කට අධික ප්‍රමාණයක් හිමිකරගෙන සිටී. ඔහු දකුණු ආසියාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට කැමැත්ත පළ කළ අතර, ආසියාවේ චොකලට් පරිභෝජනය පිළිබඳව සාකච්ඡා කළේය. ඔහු ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කළ අතර, තම වාණිජ මණ්ඩලය සහ තානාපතිවරිය අතර පසු විපරම් රැස්වීම් පවත්වන ලෙස ඉල්ලා සිටියේය.

හම්රා හි විශාල ගොඩනැගිල්ලක පිහිටි බේරූට් සහ මවුන්ට් ලෙබනන් හි වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ මූලස්ථානය, සුප්‍රසිද්ධ කලාකරුවන්ගේ නිර්මාණවලින් අලංකාර කොට ඇත. මෙහිදී සභාපතිවරයා ගොඩනැගිල්ල පුරා ඇති විවිධ කලාකරුවන්ගේ නිර්මාණ තානාපතිවරියට පෙන්වා දී ඒවා සම්බන්ධ පැහැදිලි කිරීම් ද කර ඇත.

ශ්‍රී ලංකාවේ කලාව පිළිබඳව විමසූ සභාපතිවරයා, තමා දෙවරක් ශ්‍රී ලංකාවට ගිය බවත්, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය, පිරිසිදුකම සහ දක්ෂ ශ්‍රම බලකාය පිළිබඳව ඔහු බෙහෙවින් සතුටු වන බවත් තානාපතිවරියට දන්වා සිටියේය.

සභාපතිවරයා බේරූට් සහ වාණිජ මණ්ඩලය නම් වූ ග්‍රන්ථයක් තානාපතිවරියට මෙහිදී තෑගි කළේය.

ලංකා තේ සහ තේවලින් වර්ණ ගන්වන ලද මුහුණු ආවරණ නොමිලයේ බෙදා හැරීම සඳහා බේරූට් සහ මවුන්ට් ලෙබනන් හි ලෙබනන් වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලය වෙත චාරිත්‍රානුකූලව භාර දීමද මෙම හමුවේදී සිදු විය.

දෙවැනි ලේකම් ටී. ලක්ෂ්මිධරන් මහතා (ශ්‍රම), අනුෂ්යා සුමනවර්ධන මහත්මිය (සහායක), ප්‍රිමාලි රත්නතුංග මහත්මිය, ජී. එස්. හෙට්ටිආරච්චි මහතා සහ ටී. බී. සමරකෝන් මහතා යන නිලධාරීහු තානාපතිවරිය සමඟ මෙම හමුවට එක් වූහ.

(මූලාශ්‍රය – අද දෙරණ ව්‍යාපාර වෙබ් අඩවිය.)

RECENT ARTICLES - SINHALA

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

පොහොට්ටුවේ උප නගරාධිපතිට මත්ද්‍රව්‍ය ලබාදුන් කාන්තාවක් අත්අඩංගුවට

පසුගිය දින සීදූව කටුනායක ප්‍රදේශයේ හිටපු උප නගරාධිපතිවරයෙක් වන ලලිත් රොහාන් සිල්වා නැමැති පුද්ගලයා බඩල්ගම පොලිසිය විසින් පසුගිය දින හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (04) කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද,...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...