32 C
Colombo
Friday, May 10, 2024

පකිස්තානය ඉතිහාසයේ විශාලතම ණය ගැනීමට සැරසෙයි

- Advertisement -

පකිස්තානයේ සිය ඉතිහාසයේ වර්ෂයක් තුළ ⁣ලබාගත් ඉහළම විදේශ ණය ප්‍රමාණය ලබාගැනීමට සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව 2022 වර්ෂයේ අයවැය පරතරය පියවීම සදහා ⁣ඇමරිකානු ඩොලර් බිලියන 16 ක පමණ මුදලක් ලබා ගැනීමට පකිස්තානය සූදානම් වන බව සදහන් වේ.

එම මුදලින් තුනෙන් දෙකක් පමණ ණය ආපසු ගෙවීම සදහා වැය කිරීමට සිදුවන බවද අදාළ වාර්තවල දැක්වේ.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල,විවිධ අන්තර්ජාතික බැංකු සහ යුරෝ බැදුම්කර හරහා මෙම ණය මුදල ලබාගැනීමට පකිස්තානය සූදානම් වන බව සදහන් වේ.

2021 වර්ෂයේදී ද පකිස්තානය ඩොලර් බිලියන 15.7 ක් තරම් වන විදේශ ණය ලබාගෙන තිබේ.

දකුණු ආසියාවේ විදේශ ණය අර්බුදයෙන් දැඩි ලෙස පීඩා විදින රටවල් අතරේ පකිස්තානයද කැපී පෙනෙන අතර ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයන් සදහන් කරන්නේ පකිස්තානයේ ණය අර්බුදය දිගින් දිගටම උග්‍ර වෙමින් ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

පිස්තෝලයක් පෙන්වා රන්භාණ්ඩ අළෙවිසැල කොල්ලකාලා

හෝමාගම නගරයේ පිහිටි රන් භාණ්ඩ ආයතනයකට පිස්තෝලයක් අතැතිව යතුරු පැදි දෙකකින් අද (10) දහවල් පැමිණි නාදුනන පුද්ගලයින් සිවුදෙනෙකු එම ආයතනයේ තිබු මුදල් රුපියල් ලක්ෂ...

බදුල්ල – මහියංගනය මාර්ගයේ මාරක අනතුරක්

දෙහිඅත්තකණ්ඩිය, සිරිපුර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක් බදුල්ල පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී අනතුරක්...

ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ ‘ක්‍රිප්ටෝ මුදල්’ භාවිතය ගනුදෙනු සඳහා නීත්‍යනුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...