32 C
Colombo
Tuesday, May 14, 2024

පාසල් නැවත ආරම්භයේ දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ගැනීමට අගමැති උපදෙස්

- Advertisement -

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් මුහුණපා ඇති ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (11) පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

ඒ, පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට, සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

May be an image of one or more people, people standing, people sitting and indoor

කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ වහා ම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම ද ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශය ඔස්සේ ලබාගත හැකි බව ද එහි දී ඒ මහතා පෙන්වා දෙන ලදි.

පාසල් නැවත ආරම්භ කිරීමේ දී ඇති වන ගැටලු මගහරවා ගැනීම සඳහා සිය සංගමයේ සහය අධ්‍යාපන කලාප මට්ටමෙන් ලබා දිය හැකි බව මෙම සාකච්ඡාවට එක්ව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයෝ ප්‍රකාශ කරන ලදි. රටේ අධ්‍යාපන කලාප 99 උදෙසා ම තම සංගමයේ නියෝජිතයින් නම් කරමින් අදාළ කටයුතු විධිමත් කරන බව ඔවුහු පැවසූහ. පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණියේ හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාව දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දුන් අතර මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසට එන්නත් ලබා දීමේ වැදගත්කම ද ලේකම්වරයා පෙන්වා දෙන ලදි.

May be an image of one or more people, people sitting and indoor

ගැබිනි මව්වරුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබා දුන් සහයෝගය මෙහි දී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ඇගයුමට ලක්විය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, පාසල් කටයුතු අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන, පාසල් සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ කමණි ගුණරත්න, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු වන ටී.එල්.පී. සෝමතුංග, මහේන්ද්‍ර ආර්නල්ඩ්, ශාමන් රජීන්ද්‍රජිත්, සුරන්ත පෙරේරා, මහචාර්ය සනත් ළමාබදුසූරිය ඇතුළු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ පිරිසක් ද සහභාගී වී සිටියහ.

May be an image of 2 people, people standing, people sitting and indoor

RECENT ARTICLES - SINHALA

වෙසක් කූඩුවට බට කපන්න පන්සලට ගිය සිසුවාට හිමිනම ලිංගික අතවර කරලා

වෙසක් කූඩු සකස් කිරීමට බට කැපීමට පන්සලට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කළ බව කියන 27 හැවිරිදි හිමිනමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට...

සාම්පූර් අත්අඩංගුවට ගැනීම ගැන වහාම පරීක්ෂණයක් කරන්න – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ත්‍රිකුණාමලය, සාම්පූර්හිදී මිය ගිය ඥාතීන් සිහි කර කැඳ බෙදූ පිරිසක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ යුතු බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පවසනවා. ශ්‍රී ලංකා...

‘ආදරේ’ අත්අඩංගුවට

පසුගිය මැයි 08 වනදා රාත්‍රියේ අහුංගල්ල, බෝගහපිටිය ලෝකන්වත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

යුපුන්ට ඉතාලියේදී ප්‍රථම ස්ථානයක්

ඉතාලියේ රෝම නගරයේ ඊයේ (11දා) පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 Serie-1 තරග ඉසව්වට සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන්...