32 C
Colombo
Saturday, May 4, 2024

බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට සුභ පුවතක්

- Advertisement -

බ්‍රෙක්සිට් සැලැස්ම 2021 දී ක්‍රියාවට නැගීමෙන් පසු යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් බ්‍රිතාන්‍යය වෙන් වූවාට, දැනට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට ලබාදෙන බව අපනයන සංවර්ධන මණ්ඩලය නිවේදනයකින් ප්‍රකාශ කර තිබෙනවා. ජීඑස්පී ප්ලස් යනු ශ්‍රී ලංකාවෙන් කරන අපනයන සඳහා යුරෝපා සංගමය ලබාදෙන සහන පැකේජයක්.

එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකාව යුරෝපයට කරන ආනයනයනවලින් වැඩි ප්‍රමාණයක් බ්‍රිතාන්‍යයට කරනු ලබන අපනයන බවත්, ඇමෙරිකා එක්සත් ජනපදය හැරුණු කොට ශ්‍රී ලංකාව වැඩිම අපනයන සිදුකරන රට බවත්. ඒ අනුව ශ්‍රී ලංකාවට විශාල ආර්ථික සහනයක් වන ජීඑස්පී ප්ලස් සහනයේ වරප්‍රසාද බ්‍රෙක්සිට් ක්‍රියාවලියෙන් පසුත් ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳපොළට ලැබෙනු ඇති.

2020 වර්ෂයේ මුල් කාලසීමාවේ බ්‍රිතාන්‍යයට සිදු කළ අපනයනවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 766.72ක් ශ්‍රී ලංකාවට ලැබුණා.

මීට පෙර මානව හිමිකම් කඩ කිරීම් පිලිබඳ චෝදනා ශ්‍රී ලංකාවට එල්ල වූ නිසා ජීඑස්පී ප්ලස් සහනය අහෝසි කර තිබුණා. 2015න් පසු එම සහනය නැවත ශ්‍රී ලංකාවට ලැබුණා.

(මේ දිනවල චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සම්බන්ධතා පිළිබඳ උනන්දුවක් දක්වන නිසා මෙම අමතර සටහන. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුරවැසියන් අතර කෙතරම් තදබල ඇමෙරිකානු හා බටහිර විරෝධයක් තිබුණත්, ශ්‍රී ලංකාව වැඩිපුරම අපනයන සිදු කරන වෙළඳපොල ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපීය රටවල් බව සිහි තබාගත යුතුයි. චීනයෙන් ශ්‍රී ලංකාවට ණය ලැබෙනවා මිස, අපනයන සිදුකොට ලාභ ලැබීමේ හැකියාවක් චීනය සමඟ සම්බන්ධතාවලින් අපට ලැබෙන්නේ නැහැ. චීනයෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ අපනයන කොට, ඒවායින් චීනයට ලංකාවේ මුදල් ගමන් කරනවා පමණයි.)

RECENT ARTICLES - SINHALA

කීරි සම්බා වැඩි මිලට විකුණූ සමූපකාරයකට ලක්ෂ 5ක දඩයක්

කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කළ ගිනිගත්හේන විවිධ සේවා සමුපකාර සමිතියට රුපියල් ලක්ෂ පහක දඩයක් නියම කර තිබෙනවා. කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි...

Fox Hill අනතුරේ වගකීම සංවිධායකයෝ භාරගත යුතුයි – SLRDA

පසුගිය 21 වැනිදා පැවති ෆොක්ස් හිල් තරඟාවලියේදී සිදුවූ මරණ සඳහා ශ්‍රී ලංකා ඔටෝමොබයිල් සංගමයේ සංවිධායකයින් වග කිවයුතු බව පවසමින් රේසිං ධාවකයින්ගේ සංගමය නිවේදනයක් නිකුත්...

හොර දොස්තරලා අල්ලන්න පොලීසියෙන් මෙහෙයුමක්

ව්‍යාජ ලෙස සහතික පෙන්වමින් වෛද්‍ය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන හොර වෛද්‍යවරුන් අල්ලන්න මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පොලිස්පතිවරයා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...